IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ආජන්ටිනාවේ කොරෝනා ආසාදිතයන්ගේ අඩුවක්

සති අටකට පසු 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් සහ මරණ අඩුවක් පෙන්නුම් කළ බැවින්, ලොක්ඩවුන් තහංචි පියවරෙන් පියවර ලිහිල් කිරීමට ආජන්ටිනා රජය තීරණය කර තිබේ. ආජන්ටිනා රජයට මෙසේ තීරණය කළේ සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් ද සැලකිල්ලට ගනිමිනි.

ආජන්ටිනාව යනු ලතින් ඇමෙරිකා කලාපයේ 'කොවිඩ් 19' වයිරස වසංගතයෙන් ඉතාමත් දරුණු ලෙස බැට කෑ රාජ්‍යයයකි. ආජන්ටිනාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන මිලියන 5 ඉක්මවයි. එරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 107,000 කි. ආජන්ටිනාවේ ජනගහනය මිලියන 45 කි.

'එන්නත්කරණ කටයුතු දිගටම සාර්ථකව සිදුවෙනවා. එන්නත් ලබා ගත්තත් සෞඛ්‍ය උපදෙස් පිළිපඳිමින් ජීවත් වෙන්න ඕනෑ. ජනතාවට ඇති වගකීම එයයි. ඒ වගකීම තේරුම් ගනිමින් ජනතාව කටයුතු කරනු ඇතැයි මා විශ්වාස කරනවා. පනවා තිබුණු ලොක්ඩවුන් තහංචි ලිහිල් කිරීමක් සිදුවෙන්නේ ඒ අනුවයි' යැයි ආජන්ටිනා ජනාධිපති ඇල්බර්ටෝ ෆර්නැන්ඩේස් ජාතික රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් පවසා තිබේ.

(රොයිටර්)



අදහස් (0)

ආජන්ටිනාවේ කොරෝනා ආසාදිතයන්ගේ අඩුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 678 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2343 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1727 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site