IMG-LOGO

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා


කොරෝනා පැතිරෙයි: බ්‍රිස්බේන් ලොක්ඩවුන්

'ඩෙල්ටා' විකෘතියේ ව්‍යාප්තියත් සමඟ ඕස්ට්‍රේලියාවේ තෙවැනි විශාලතම නගරය ලෙස සැලකෙන බ්‍රිස්බේන් තෙදිනක් සඳහා මුළුමනින්ම වසා දැමීමට සෞඛ්‍ය බලධාරීහු තීරණය කළහ.

බ්‍රිස්බේන් අයත් වන්නේ ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයටය. බ්‍රිස්බේන් පමණක් නොව, ප්‍රාන්තයේ දකුණුදිග පළාත් කීපයක් ද සෞඛ්‍ය උපදෙස් අනුව ලොක්ඩවුන් කිරීමට සිදුවුණු බව ක්වීන්ස්ලන්ත ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරිය ජෙනෙට් යංග් මාධ්‍ය හමුවේ පැවැසුවාය.

මෙසේ ලොක්ඩවුන් කිරීම් සිදුවන්නේ, උසස් පාසලක සිසුවකු ඇතුළු හය දෙනකු 'ඩෙල්ටා' ආසානය වූ ආසාදිතයන් බව හඳුනා ගැනීමෙන් පසුවය.

මේ අතර ඕස්ට්‍රේලියාවේ විශාලතම නගරය වන සිඩ්නි ලබන 28 දක්වා ලොක්ඩවුන් කර තැබෙන බව, සිඩ්නි නුවර අයත් නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය බලධාරීහු පවසති.

සිඩ්නි නුවර අයත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් නව ආසාදිතයන් 210 ක් වාර්තා වී ඇත. සිඩ්නි නුවර ආසාදියන් සහ ආශ්‍රිතයන් හඳුනා ගැනීමට සෞඛ්‍ය අංශ සඳහා සහාය දැක්වීමට හමුදාව යොදවා ඇතැයි ද පැවැසෙයි.

(රොයිටර්)



අදහස් (0)

කොරෝනා පැතිරෙයි: බ්‍රිස්බේන් ලොක්ඩවුන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 401 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 194 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1896 4
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site