IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ආසාදිතයන් හඳුනා ගන්න පුළුල් වැඩපිළිවෙළක්

චීනයේ නගර රැසකින් නව කොරෝනා වයිරස හෙවත් ‘කොවිඩ්-19’ ආසාදිතයන් වාර්තා වීමත් සමඟ මහ පරිමාණයෙන් වයිරස ආසාදිතයන් හඳුනාගැනීමේ පරීක්ෂණ කිරීමට එරට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත.

පසුගිය දිනවලදී රට තුළින් වයිරස ව්‍යාප්තියක් වාර්තා වී ඇති බවත් ජූලි 20 වැනිදා සිට මේ දක්වා කාලයේ දී චීනය තුළින් ලොවපුරා මේ වනවිට වේගයෙන් ව්‍යාප්ත වන ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් නගර 12කට වැඩි සංඛ්‍යාවකින් වාර්තා වී ඇතැයි ද චීන බලධාරීහු සඳහන් කළහ.

වයිරස ආසාදිතයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් සෙවීමේ ක්‍රියාමාර්ග වේගවත් කරන්නැයි ද වයිරසය ව්‍යාප්ත වීම පාලනය කිරීමේදී ඇති අඩුපාඩු යනාදිය නිවැරැදි කරමින් ක්‍රියාමාර්ග වේගවත් කරන්නැයි ද චීන බලධාරීන් ප්‍රාදේශීය ආණ්ඩුවලට උපදෙස් දී ඇත.

“දැඩි පිළිවෙත් ලිහිල් වෙලා. එම මානසිකත්වයෙන් ඉවත් වෙන්න අවශ්‍ය” යැයි චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම ඉකුත් ඉරිදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය මුලින්ම ව්‍යාප්ත වීමට පටන් ගත්තේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි. වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගැනීමත් සමඟ චීනය දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරමින් වයිරසයේ ව්‍යාප්තිය සාර්ථකව පාලනය කිරීමට සමත්ව ඇත.

වයිරසය ආසාදිතයන් ගණන බිංදුවක් දක්වා ගෙන ඒමට චීනය දැඩි පිළිවෙතක් අනුගමනය කළ අතර නව කොරෝනා වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය චීනය මුහුණ දෙන විශාලතම පරීක්ෂණය වනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වාදෙති. ආර්ථික පිරිවැයක් සිදු වුවු ද මේ වනවිට ඇති වී තිබෙන වයිරස ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා බලධාරීන් පියවර ගනු ඇතැයි ද ඔවුහු අපේක්ෂා කරති. ‍

“චීනය දැඩි පිළිවෙත් අනුගමනය කිරීම අත් නොහළ යුතු යි. ඒ වගේම ව්‍යාප්තිය පාලනය කිරීමට දැඩි ක්‍රියාමාර්ග ගන්න වුවමනායි. වයිරසය පරාජය කරන්න නම් එන්නත්කරණය පුළුල් හා වේගවත් කළ යුතු” යැයි ද චීනයේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය ගාවෝ චින්ග් පැවැසීය.

චීනයේ රාජ්‍ය අනුග්‍රහය දක්වන පීපල්ස් ඩේලි පුවත්පතට ලිපියක් ලියමින් හෙතෙම ඒ බව සඳහන් කර ඇත.

“වයිරසය ගෝලීයව වේගයෙන් හා පුළුල් ව පැතිරෙනවා. වයිරසය ව්‍යාප්තියට චීනය ගත් දැඩි පියවර වෙනස් නොකළ යුතු” යැයි ද හෙතෙම කීය.

(රොයිටර්)



අදහස් (0)

ආසාදිතයන් හඳුනා ගන්න පුළුල් වැඩපිළිවෙළක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 878 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site