
එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කරන අතරවාරයේදීම මහජන සෞඛ්‍ය පිළිවෙත් සහ සමාජ ක්‍රියාමාර්ග දැඩිව පිළිපැදිය යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපයේ අධ්‍යක්ෂ ආචාර්ය පූනම් කේත්‍රපාල් සිං පැවැසුවාය.
“මේ කලාපයේ රටවල් කවදාවත් නොගත්තු උත්සහායක් ගනිමින් ඉන්නවා. රටවල් ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා කොවිඩ්-19 එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නවා. වසංතය හැකි ඉක්මනින් මැඩ පැවැත්වීමට ඔවුන් උත්සාහ ගනිමින් ඉන්නවා. මේ අතරවාරයේදී අපි මහජන සෞඛ්‍ය පිළිවෙත් සහ සමාජ ක්‍රියාමාර්ග දැඩිව පිළිපැදිය යුතු” යැයි ඇය කීවාය.
දකුණු-නැගෙනහිර ආසියානු කලාපයේ රටවල් එම රටවල ජනතාව වෙත එන්නත් මාත්‍රා මිලියන 600කට වැඩි ප්‍රමාණයක් ලබාදීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයට අදහස් දක්වමින් ඇය එම කරුණු සඳහන් කළාය.
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගතයට එරෙහිව ගෙන යන සටනේදී ‘කොවිඩ්-19’ මර්දන එන්නත් යනු ඉතා වැදගත් මෙවලමක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.
‘කොවිඩ්-19’ මර්දන එන්නත් නව කොරෝනා වයිරසයේ (කොවිඩ්-19) ප්‍රභේදවලට ප්‍රතිචාර දක්වන බවත් කොවිඩ්-19 මර්දන එන්නත් ලබාගැනීමෙන් වයිරසය ආසාදනය වීමෙන් රෝගී තත්ත්වය දරුණු වීම, රෝහල් ගත කිරීම සහ මරණයට පත්වීම වළක්වන බව ද එම සංවිධානය අවධාරණය කරයි.
‘කොවිඩ්-19’ එන්නත් අපනයනය, බෙදාහැරීම යනාදීය ඇතුළුව ගෝලීය සහ කලාපීය එන්නත්කරණ වැඩසටහන් සාර්ථක කරගැනීම සඳහා රටවල් සුවිශේෂී මෙහෙයක් ගෙන ඇතැයි ද කොවැක්ස් වැඩසටහන සාර්ථකව ප්‍රගතියක් පෙන්නුම් කර ඇතැයි මෙහිදි තවදුරටත් අදහස් දැක්වූ ආචාර්ය පූනම් කේත්‍රපාල් සිං පැවැසුවාය.
දකුණු-නැගෙනහිර ආසියානු කලාපයේ දැනට තිබෙන එන්නත් මාත්‍රාවලින් සියයට 90ක්වම භාවිතයට ගෙන ඇති බව ද ඇය කීවාය.
ඇස්ට්‍රාසෙනකා, කොවැක්සින්, ජැන්සන් (ජොන්සන් ඇන්ඩ් ජොන්සන්), මොඩර්නා, සිනෝෆාම්, සිනෝවැක්, ස්පුට්නික් V සහ ෆයිසර්/බයෝඇන්ටෙක් යන එන්නත්වලට කලාපයේ රටවල ජාතික ඖෂධ නියාමන අධිකාරීන් අවසරය ලබා දී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය තවදුරටත් සඳහන් කරයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
678
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2343
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1727
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සෞඛ්‍ය පිළිවෙත් පිළිපැදීම ඉතාමත් වැදගත්