
'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයට එරහිව නිපදවා ඇති එන්නත් මාත්‍රා බිලියන දෙකක් සහ ඇමෙරිකන් ඩොලර් මිලියන 100 ක මුදලක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ 'කොවැක්ස්' වැඩසටහනට ලබා දීමට චීන ජනාධිපති ෂී ජින්පින් ප්‍රතිඥා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එන්නත් මාත්‍රා බිලියන දෙකක් සහ ඇමෙරිකන් ඩොලර් මිලියන 100 ක එම ආධාර මුදල 'කොවැක්ස්' වැඩසටහනට ලබා දෙන්නේ මෙම වසර සඳහා බවත්, මෙම වසර අවසන් වීමට පෙර කෙසේ හෝ ලොවෙන් කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට කටයුතු කළ යුතු බවත් චීන ජනාධිපති ෂී ජින්පින් පෙන්වා දී තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය 'කොවැක්ස්' වැඩසටහන ආරම්භ කර ඇත්තේ දිළිඳු සහ සංවර්ධනය වෙමින් පවතින රටවලට එන්නත් ලබා දීමේ අරමුණින්ය. චීනයේ නිෂ්පාදිත සාර්ථක එන්නත් වන 'සයිනෝෆාම්' සහ 'සිනොවැක්ස්' එන්නත් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවීමත් සමඟ 'කොවැක්ස්' වැඩසටහනට චීනය ද සම්බන්ධ විය. මේ වනවිටත් චීන එරටට හිතවත් රටවලට නොමිලේ 'සයිනෝෆාම්' එන්නත් ප්‍රදානය කර ඇති අතර, රටවල් බොහොමයක් චීනයෙන් 'සයිනෝෆාම්' එන්නත් මිලදී ගැනීමට ද පියවර ගෙන ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉලක්කය වී ඇත්තේ ලෝකයේ සමස්ත ජනගනයෙන් සියයට 70 කට මෙම සැප්තැම්බර් මාසය වනවිට එන්නත් ලබා දී අවසන් කිරීමටය. රටවල් බොහොමයක එන්නත්කරණ කටයුතු ඉතා සාර්ථකව සිදුවුවත්, 'ඩෙල්ටා' විකෘතිය හේතුවෙන් යළි ආසාදිතයන් වැඩිවීමට පටන්ගෙන තිබේ.
මේ වනවිට චීනයේ සෑම පළාතකින්ම පාහේ 'කොවිඩ් 19 ඩෙල්ටා' විකෘතිය ආසාදනය වූ ආසාදිතයන් වාර්තා වීමට පටන්ගෙන ඇති බවත්, පළාත් අතර සංචරණ සීමා පනවමින්, නගර ලොක්ඩවුන් කිරීමට චීන සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇති බවත් එරට සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
678
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2344
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1727
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීනයෙන් ලෝකයට එන්නත් බිලියන දෙකක්
ganegoda Saturday, 07 August 2021 08:41 PM
චීනය එදත් පරිත්‍යාගශීලී රටක්. එයාලා අදත් එහෙමයි. ජයවේවා...!!!