ඇමෙරිකාවේ 'මොඩර්නා' එන්නත ඕස්ට්‍රේලියානුවන්ට ලබා දීමට, ඕස්ට්‍රේලියා රජය තීරණය කර තිබේ. ඕස්ට්‍රේලියා රජය මෙසේ තීරණය කළේ 'මොඩර්නා' එන්නත හදිසි භාවිතයට සුදුසු යැයි එරට සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කර ඇති බැවිනි.
'ඩෙල්ටා' වැනි විකෘති කොරෝනා ප්‍රභේදවලට සාර්ථක ප්‍රතිශක්තිකරණ එන්නතක් ලෙස ද 'මොඩර්නා' එන්නත සැලකෙයි. ඒ අනුව, ඕස්ට්‍රේලියානුවන්ට හිමිවන තෙවැනි 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත වන්නේ 'මොඩර්නා' ය.
''මොඩර්නා එන්නත අවුරුදු 18 ට වැඩි ඕනෑම අයකුට සුදුසු යැයි සෞඛ්‍ය අංශ නිර්දේශ කළා. 'සෞඛ්‍ය නිර්දේශ අනුව, මොඩර්නා එන්නත් ඕස්ට්‍රේලියානුවන්ට ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. මාත්‍රා මිලියනයක පළමු මොඩර්නා එන්නත් තොගය ලබන සැප්තැම්බරයේදී අපට ලැබීමට නියමිතයි. එය අපට ලැබීමට නියමිත මොඩර්නා එන්නත් මාත්‍රා මිලියන 10 යේ පළමු තොගයයි' යැයි ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.
ඕස්ට්‍රේලියාව මේ වනවිට 'කොඩිව් 19 ඩෙල්ටා' ප්‍රභේදයෙන් බැට කයි. එරට ප්‍රාන්ත කීපයකට සහ ප්‍රධාන නගරවලට ලොක්ඩවුන් තහංචි හෝ සංචරණ සීමා පැනැවීම් සිදු කර තිබේ. 'කොවිඩ් 19' වසංගතය මුල්කොට ගනිමින්, ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ගේ ජනප්‍රියත්වය පවා අඩුවී තිබේ.
ඕස්ට්‍රේලියාවේ එන්නත්කරණ වැඩසටහන ඉතා මන්දගාමීව සිදුවන බව සෞඛ්‍ය බලධාරීන්ගේ අදහසය. ඊයේ (9) වනවිට එරට මිලියන 26 ක ජනගහනයෙන් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා ගත් ගණන සියයට 22 කි. මේ වසර අවසන් වීමට පෙර, සෑම ඕස්ට්‍රේලියානුවකුටම එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා දීමට පියවර ගන්නා බව ඔස්ට්‍රේලියා රජය පවසා තිබේ.
(රොයිටර්)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
ඕස්ට්‍රේලියානුවන්ට ’මොඩර්නා’