
ගතවුණු පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් 41,831 ක් වාර්තා වූ බවත් ඒ අනුව, එරට සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන තුන්කෝටි දහසය ලක්ෂය ඉක්මවා ගිය බවත් ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ.
ගත වූ පැය 24 තුළ වාර්තා වූ මරණ වාර්තා වී ඇත්තේ 541 ක් ලෙසිනි. ඒ අනුව, ඉන්දියාවේ සමස්ත කොරෝනා මරණ ගණන 4,24,000 පසු කළේය.
කොරෝනා ආසාදතියන් සෙවීමේ PCR පරීක්ෂණ සඳහා යොමු කෙරෙන පුද්ගලයින් අතරින් ආසාදිතයෙකු වීමේ ප්‍රතිශතය, ප්‍රාන්ත 10ක සියයට 10 ඉක්මවා ඇති බව සමස්ත ඉන්දීය වෛද්‍ය ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මේ වනවිට ඉන්දියාවේ කොරෝනා වයිරසයේ කේන්ද්‍රස්ථාන ලෙස සැලකෙන්නේ කේරළය, මහාරාෂ්ට්‍ර, කර්නාටක, තමිල්නාඩුව, ඔඩීෂා, ඇසෑම්, මීසොරාම්, මේඝාලය, ආන්ද්‍ර ප්‍රදේශ් සහ මනිපූර් යන ප්‍රාන්ත යැයි ද ඉන්දීය වෛද්‍ය ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වී තිබේ.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
679
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2348
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1727
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාවේ කොරෝනා ආසාදන ප්‍රතිශතය ඉහළට