
ඇමෙරිකාව ප්‍රමුඛ විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමත් සමඟ එරට ප්‍රධාන නගරවලට ඇෆ්ගන් තලේබාන් ත්‍රස්තවාදීන් පහර දෙන බවත්, හේරත්, ලෂ්කාර් ඝා සහ කන්දහාර් යන නගර මේ වනවිටත් තලේබාන් ත්‍රස්ත ග්‍රහණයේ පවතින බවත් විදෙස් පුවත් සේවා පවසයි.
ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර හමුවේ එම නගරවල වැසියන් පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථාන වෙත පලා යමින් සිටින බව ද වාර්තා වේ.
ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යන්නේ තලේබාන් සංවිධානය සහ ඇෆ්ගන් රජය අතරේ සාම වැඩපිළිවෙළකට මඟ සකස් කරමිනි. ඇතැම් තලේබාන් කල්ලි මෙම සාම වැඩපිළිවෙළට විරෝධය පළ කරන අතර, ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන්නේ ඔවුන්ය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd