IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඉන්දියාවේ කොරෝනා රෝගීන්ට රුසියාවෙන් නව ඖෂධයක්

කොරෝනා ආසාදිත රෝගීන්ට ප්‍රතිකර්මයක් ලෙස රුසියානු විද්‍යාඥයන් විසින් නිපදවනු ලැබ ඇති නව ඖෂධය ඉන්දීයාවේ ඖෂධ සමාගම් හරහා නිෂ්පාදනය කිරීමට රුසියාව සූදානම් වෙයි.

'කොවිඩ් ග්ලෝබුලින්' යන නමින් හැඳින්වෙන මෙම ඖෂධය ලබා දෙන්නේ කොරෝනා ආසාදිතයන් සංකූලතාවලින් ආරක්ෂා කර ගැනීමටත් කොරෝනා වයිරසයට එරෙහිව සිරුරේ වේගවත් ප්‍රතිශක්තියක් ඇති කිරීමේත් අරමුණින්ය. 'කොවිඩ් ග්ලෝබුලින්' යනු රුසියාවේ 'රොස්ටෙක්' ඖෂධ නිෂ්පාද සමාගමේ ඔසුවකි.

ඉන්දීය රජය සහ එරට සෞඛ්‍ය අමත්‍යාංශය සමඟ ඇතිකරගත් එකඟතාවකට අනුව, ඉන්දීය ඖෂධ නිෂ්පාදන සමාගම් සමඟ එක් වී, 'කොවිඩ් ග්ලෝබුලින්' නිෂ්පාදනය ආරම්භ කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බව රොස්ටෙක් සමාගමේ ප්‍රධානී සර්ගේ චෙමෙරෝව් පවසා ඇත. සර්ගේ චෙමෙරෝව් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතමයකු බව ද පැවැසෙයි.

'කොවිඩ් ග්ලෝබුලින්' ඖෂධය නිපදවා ඇත්තේ කොරෝනා ආසාදනය වී සුවය ලැබූවන්ගේ මෙන්ම නියමිත එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන වයිරසයට එරෙහිව සිරුරේ මනා ප්‍රතිශක්තියක් ඇති පුද්ගලයන්ගේ රුධිර ප්ලාස්මා යොදා ගනිමිනි.

ඉන්දියාවේ 'කොවිඩ් 19' එන්නත්කරණ වැඩසටහනට රුසියාවේ දායකත්වය නොඅඩුව ලැබේ. 'ස්පුට්නික් 5' එන්නත ඉන්දියානුවන් වෙනුවෙන් මිලදී ගැනීමට ඉන්දීය රජය කටයුතු කර තිබේ. ඉන්දියානුවන්ට මේ වනවිට ප්‍රතිශක්තිකරණ එන්නත් වර්ග පහක් ලබා දෙන අතර, එයින් එකක් වන්නේ 'ස්පුට්නික් 5' එන්නතය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි නොවුණත්, 'කොවිඩ් 19' වයිරසයට එරෙහිව නිපදවා ඇති 'ස්පුට්නික් 5' එන්නත මේ වනවිට ලොව රටවල් රැසක භාවිතයට ගැනෙයි.

'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වැළැක්වීමට ප්‍රතිශක්තිකරණ එන්නත් නිපදවද්දී, වයිරසය ආසාදනය වූ රෝගීන් ට සංකූලතා ඇතිවීම වැළැක්වීමටත්, එම රෝගීන්ගෙන් වෙනත් අයට කොරෝනා ආසාදනය වීම වැළැක්වීමටත් ඇමෙරිකාව, ජර්මනිය ඇතුළු රටවල් ද විවිධ ඖෂධ නිපදවා තිබේ. එම ඖෂධ ද ඉන්දියාවේ කොරෝනා ආසාදිත රෝගීන්ට ලබා දීම සිදුවන බව ඉන්දීය සෞඛ්‍ය අංශ පවසා තිබේ.

(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)



අදහස් (0)

ඉන්දියාවේ කොරෝනා රෝගීන්ට රුසියාවෙන් නව ඖෂධයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 678 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2343 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1726 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site