මියන්මාරයේ ගැටුම් හේතුවෙන් දිවි බේරා ගනිමින්, ගම්බිම් අතහැර බංග්ලාදේශයට පලා ගොස්, බංග්ලාදේශ සරණාගත කඳවුරුවල රැඳී සිටින රොහින්ග්‍යා මුස්ලිම් සරණාගතයන්ට ද එන්නත් ලබා දීම ආරම්භ කළ බව බංග්ලාදේශ රජය පවසයි.
බංග්ලාදේශයේ කොක්ස් බසාර් හි පිහිටි සරණාගත කඳවුරේ රොහින්ග්‍යා මුස්ලිම් සරණාගතයන් 48,000 ක් සිටින බවත් ඔවුන් සියලු දෙනාට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දෙන බවත් බංග්ලාදේශ රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මෙම සරණාගතයන්ට එන්නත් ලබා දීම සිදුවන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධීක්ෂණය සහ අනුග්‍රහය යටතේය.
පළමුවෙන් අවුරුදු 55 ට වැඩි රොහින්ග්‍යා සරණාගතයන් වෙනුවෙන් එන්නත් ලබා දෙන බවත්, පසුව සෙසු පිරිසට එන්නත් ලබා දීමට පියවර ගන්නා බවත් බංග්ලාදේශ සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(එන්.ඩී.ටීවී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මියන්මාර සරණාගතයන්ට එන්නත්