IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඇෆ්ගන් නගරයක් තලේබාන් අල්ලා ගනී

ඇෆ්ගනිස්තානයේ පළාතක අගනගරයක බලය අල්ලාගැනීමට තලේබාන් සටන්කාමීහු සමත්ව සිටිති.

ඇමෙරිකා එක්සත් ජනපද හමුදා ඇතුළු විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටත්ව යෑමට පටන් ගැනීමත් සමඟ තලේබාන් සංවිධානයේ ක්‍රියාකාරකම් වර්ධනය වූ අතර ඔවුන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා තීව්‍ර විය.

ඇමෙරිකානු හමුදා ඇතුළු විදෙස් හමුදා ඇමෙරිකාවෙන් පිටත්ව යෑමත් සමඟ ඇෆ්ගනිස්තානයේ පමණක් නොව කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවිනිශ්චිත තත්ත්වයක් නිර්මාණය විය.

තලේබාන් සංවිධනයේ ප්‍රහාරයකින් කාබුල් නුවර ජ්‍යෙෂ්ඨ මාධ්‍ය නිලධාරියකු ද මරණයට පත්ව ඇතැයි රොයිටර්ස් පුවත් සේවය සිකුරාදා වාර්තා කළේය.

ඇෆ්ගනිස්තාන ආණ්ඩුවට බටහිර රටවල සහාය හිමි වේ.

තලේබාන් සංවිධානයේ ග්‍රහණයට පත්ව ඇත්තේ නිම්රෝස් පළාතේ සරාන්ජ් පළාත් අගනගරය යි.

මෙම පළාතටත් අගනුවරටත් ප්‍රමාණවත් පරිදි සහාය නොලැබීම නිසා සරාන්ජ් අගනුවර මෙලෙස තලේබාන් ග්‍රහණයට පත් වූ බව පොලිස් ප්‍රකාශකයෙක් පැවැසීය.

නිම්රෝස් පළාත සම්පූර්ණයෙන්ම නිදහස් කරගත් බවත් ආණ්ඩුකාරවරයාගේ නිල නිවස, පොලිස් මූලස්ථානය සහ අනෙකුත් නිල ගොඩනැගිලි තම පාලනයට යටත්ව ඇති බවත් මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් තලේබාන් සංවිධානයේ ප්‍රකාශක සඳහන් කළේය.

තලේබාන් ගුවන් හමුදා එල්ල කළ ප්‍රහාරයකින් නිම්රෝස් පළාතේ තලේබාන් නායකයා ඇතුළු 14 දෙනකු මියගිය බව ඇෆ්ගනිස්තානයේ දකුණු දිග ප්‍රදේශයේ මෙහෙයුම්ව ප්‍රධාන ජෙනරාල්වරයකු ඊට ටික වේලාවකට පසු පැවැසීය.

ජෙනරාල් සමි සදාත් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර තිබිණි.

ඇෆ්ගනිස්තානයේ මයිවාන්ද් 215 බලකයේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරන්නේ ජෙනරාල් සමි සදාත් ය.

ඔහුගේ ට්විටර් පණිවුඩයේ සත්‍ය අසත්‍යතාව තහවුරු කළ නොහැකි යැයි රොයිටර්ස් පුවත් සේවය අද වාර්තා කළේය.

මීට දශක දෙකකට පෙර ඇෆ්ගනිස්තානයේ පැවැතියේ තලේබාන් පාලනයකි. ඇමෙරිකානු හමුදා ප්‍රමුඛ බටහිර හමුදා ඇෆ්ගනිස්තානයට පැමිණි රට තලේබාන් සංවිධානයෙන් මුදා ගැනීමට සමත්විය. ඉන් දශක දෙකකට පසු නැවතත් බටහිර සහාය ලබන ආණ්ඩුව පරාජයට පත් කිරීමේ අරමුණින් තලේබාන් සංවිධානය ආරක්ෂක අංශ වෙත ප්‍රහාර එල්ල කරමින් සිය ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න කර ඇත.

පසුගිය මාස කිහිපයේදී ඇෆ්ගනිස්තානයේ දිස්ත්‍රික්ක කිහිපයක සහ දේශසීමා හුවමාරු කිහිපයක බලය අල්ලා ගැනීමට තලේබාන් සටන්කාමීහු සමත්වූහ. එසේම පළාත් කිහිපයක අගනගරවලට ප්‍රහාර එල්ල කරමින් දැඩි පීඩනයක් එල්ල කිරීමට ද ඔවුහු සමත්වූහ. බටහිර ඇෆ්ගනිස්තානයේ හෙරාත් සහ දකුණු දිග ඇෆ්ගනිස්තානයේ කන්දහාර් යන ප්‍රදේශවලට තර්ජනයක් වීමට ද ඔවුහු සමත්වූහ.

තලේබාන් සංවිධානයට දේශපාලන විසඳුමකට යෑමට වුවමනාවක් තිබේ ද යන ප්‍රශ්නය පැන නැගෙන බව ඇෆ්ගනිස්තානයේ තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇෆ්නිස්තානය සඳහා පත් කරන සිටින එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ඩෙබෝරා ලියෝන්ස් ඉකුත් දා ප්‍රශ්න කළා ය. ඇෆ්ගනිස්තානයේ තත්ත්වය වඩාත් මාරාන්තික සහ විනාශකාරී තත්ත්වයකට පත්ව ඇතැයි ද එය සිරියානු යුද්ධය සහ මෑතකදී සර්යෝවෝ හි ඇති වූ තත්ත්වය සිහිපත් කරන්නේ යැයි ද ඇය සඳහන් කළාය.

ඇෆ්ගනිස්තානය පූර්ණ, දරුණු සහ දිග්ගැස්සුණු සිවිල් යුද්ධයක් වෙත ගමන් කරමින් සිටින බවත් ඇෆ්ගනිස්තානයේ කටුක යථාර්ථය එය බවත් රුසියාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට පත් කර සිටින තානාපති වසිලි නෙබෙන්සියා පැවැසීය.

ප්‍රචණ්ඩ ක්‍රියා නවත්වා දේශපාලන විසඳුමකට යන්නැයි තලේබාන් සංවිධානයට අවධාරණය කර සිටින බවත් ඇෆ්ගනිස්තානයේ යටිතල පහසුකම් සහ එරට ජනතාව ආරක්ෂා කරන්නැයි ඉල්ලා සිටින බවත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයකු වන ජෙෆ්‍රි ඩිලෝරෙන්ටිස් පැවැසීය.

ඇමෙරිකානු හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කරගන්නා බවට ඇමෙරිකා එක්සත් ජනපදය 2020 වසරේ පෙබරවාරි මාසයේ දී තලේබාන් සංවිධානය සමඟ ගිවිසුමකට එළැඹිය. එම ගිවිසුමෙන් පසු තලේබාන් සංවිධානයේ පාලනයට නතු වූ ඇෆ්ගනිස්තානයේ පළමු පළාත් අගනගරය වන්නේ සරාන්ජ් නගරය යි.

(රොයිටර්)



අදහස් (0)

ඇෆ්ගන් නගරයක් තලේබාන් අල්ලා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 678 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2343 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1727 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site