IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


තෙවැනි මාත්‍රාව ප්‍රමාද කරන්න

ලොව සෑම රටක්ම ආසන්න වශයෙන් සිය ජනගහනයෙන් සියයට 10ක් එන්නත්කරණය කර අවසන් කරන තෙක් ‘කොවිඩ්-19’ මර්දන එන්නත්වල තෙවැනි මාත්‍රාවක් ලබා නොදෙන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලීමක් කළේය.

විශේෂයෙන්ම වැඩි ආදායම් ලබන/පොහොසත් රටවලින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් අදනොම් ගබ්‍රියේසස් මෙම ඉල්ලීම කළේය.

“අපි ඉක්මනින් මේ ප්‍රතිපත්තිය වෙනස් කරන්න අවශ්‍යයි. එන්නත්වලින් වැඩි ප්‍රමාණයක් යන්න ඉහළ ආදායම් ලබන රටවලට. එය වෙනස් කරලා වැඩි ප්‍රමාණයක් අඩු ආදායම් ලබන රටවලට දෙන්න අවශ්‍ය” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කීවේය.

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් වයිරසය සම්බන්ධයෙන් ඇති කරගත් උපකල්පන රැසක් මේ වනවිට වෙනස් වී තිබේ. දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන් වේගයෙන් වැඩි වීම හේතුවෙන් ලොව රටවල ආර්ථික ද දැඩි අර්බුදවලට මුහුණ දෙමින් තිබේ.

නව කොරෝනා වයිරසයේ අලුත් ප්‍රභේද හේතුවෙන් විශේෂයෙන්ම එන්නත්කරණයට ලක් නොකළ පුද්ගලයන් කලින්ට වඩා අසනීප කරන්නේ ද නැද්ද සම්බන්ධයෙන් රෝග විශේෂඥයෝ ද මේ වනවිට අවිනිශ්චිත තත්ත්වයකට පත්ව සිටිති.

නව කොරෝනා වයිරසය ලොවපුරා ව්‍යාප්ත වීමට පටන් ගැනීමෙන් පසු මේ වනවිට ලෝක ජනගහනයෙන් සියයට 2.6කට ආසන්න පිරිසකට වයිරසය ආසාදනය වී තිබේ. කෙසේ නමුත් මෙම සංඛ්‍යා වාර්තා වී ඇති දත්තවලට වඩා බෙහෙවින් යැයි විශේෂඥයන්ගේ මතය වී තිබේ.

ලොවපුරා මෙතෙක් වාර්තා වී ඇති නව කොරෝනා වයිරස ආසාදිතයන් සියලු දෙනා එක් රටක් ලෙස සැලකුවහොත් එම රට ලොව අටවැනියට වැඩිම ජනගහනයක් වෙසෙන රට බවට පත්වේ. ලෝක ජනගහනය අතින් හත්වැනියට වැඩිම ජනගහනයක් සිටින්නේ නයිජීරියාවේ ය.

ගෝලීයව නව කොරෝනා වයිරස ආසාදිතයන් මිලියන 100ක් වාර්තා වීමට වසරක් ගත විය. කෙසේ නමුත් දෙවැනි මිලියන 100 වාර්තා වීමට ගත වී ඇත්තේ මාස හයක් පමණි.

වසංගතය හේතුවෙන් ලොවපුරා මේ වනවිට මියගොස් ඇති ගණන මිලියන 4.4කි.

දින හතක සාමාන්‍ය ගත්විට පසුගිය සතියක කාලයේ දී වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය, ඉන්දුනීසියාව, ඉන්දියාව සහ ඉරානය යන රටවලිනි. එම රටවලින් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන, සෑම දිනකම/දෛනිකව වාර්තා වන ගෝලීය ආසාදිතයන්ගේ ගණනින් සියයට 38ක ප්‍රතිශතයක් නිරූපණය කරයි.

ලොවපුරා නන්දෙසින් දෛනිකව වාර්තා වන සෑම ආසාදිතයන් හත්දෙනකුගෙන්ම අයකු වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.

මේ අතර ධවල මන්දිරයේ වාර්තාවලට අනුව නව කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් පසු තත්ත්වය දරුණු අතට හැරුණු රෝගීන්ගෙන් සියයට 97ක් එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයන් ය.

රොයිටර්



අදහස් (0)

තෙවැනි මාත්‍රාව ප්‍රමාද කරන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 679 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2348 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1727 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site