සතියක් ඇතුළත මිලියන 10ක ජනතාවකට එන්නත් ලබාදීමට බංග්ලාදේශය සූදානම් වේ.
දෛනිකව වාර්තා වන නව කොරෝනා හෙවත් ‘කොවිඩ්-19’ වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් ඉහළ යෑම නිසා බංග්ලාදේශය මේ වනවිට දරුණු අභියෝගයකට මුහුණ දී තිබේ.
මේ අනුව අගෝස්තු 7 වැනිදා සිට සතියක් තුළ මිලියන 10කට කොවිඩ්-19 එන්නත ලබාදීමට බංග්ලාදේශය සැලසුම් කර ඇත. එම වැඩසටහනට සෞඛ්‍ය සේවකයන් දස දහස් ගණනක් සම්බන්ධ වන බවත් සෞඛ්‍ය මධ්‍යස්ථාන 14,000කදී මෙම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වන බවත් බංග්ලාදේශයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වන ඒ.කේ.එම්. මොසම්මුල් හක් පැවැසීය.
“සතියක් ඇතුළත මිලියන 10කට වැඩි පිරිසකට එන්නත් ලබාදෙනවා. වැඩිහිටියන්, සේවකයන් සහ කඩසාප්පුවල සිටින පුද්ගලයන්ට මෙහිදි ප්‍රමුඛත්වය දෙනවා” යැයි හෙතෙම කීය.
මේ වනවිට එවැනි පිරිසකට එන්නත් ලබාදීම සඳහා ප්‍රමාණවත් එන්නත් මාත්‍රා තොගයක් තිබෙන බවත් කොවැක්ස් වැඩසටහන යටතේ ඉදිරියේ දී ඇමෙරිකා එක්සත් ජනපදයෙන් සහ චීනයෙන් එන්නත් ලැබෙන බවත් බංග්ලාදේශ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක මයිදුල් ඉස්ලාම් ප්‍රොදාන් පැවැසීය.
බංග්ලාදේශය රටට ක්‍රියාත්මක වන පරිදි ජූලි 1 වැනිදා ලොක්ඩවුන් සීමා පැනවීය. එම ලොක්ඩවුන් සීමා දීර්ඝ කිරීමට බංග්ලාදේශ සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත. කෙසේ නමුත් ජූලි මාසයේ මැදදී ආගමික උත්සවයක් වෙනුවෙන් ලොක්ඩවුන් සීමා ලිහිල් කිරීමට ද බංග්ලාදේශය පියවර ගෙන තිබිණි.
රටටම බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කළ ලොක්ඩවුන් සීමා අගෝස්තු 10 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ද බංග්ලාදේශය පියවර ගෙන ඇත.
කඩසාප්පු සහ පොදු ප්‍රවාහනය ලබන සතියේ සිට ආරම්භ කරන බවත් කෙසේ නමුත් නිවසින් බැහැරට ගොස් රාජකාරී කළ හැක්කේ එන්නත් ලබාගත් කඩසාප්පු හිමියන්ට සහ ප්‍රවාහන සේවකයන්ට පමණක් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක අමාත්‍ය මොසම්මුල් හක් පැවැසීය.
බංග්ලාදේශයෙන් මේ වනවිට නව කොරෝනා වයිරස ආසාදිතයන් මිලියන 1.3ක් වාර්තා වී ඇති අතර වාර්තා වී තිබෙන මරණ ගණන 21,160කි.
(ඒ.එෆ්.පී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
සතියකදී මිලියන 10 කට එන්නත් දෙනවා