
ඇෆ්ගනිස්තානය වෙනුවෙන් පත් කළ ඇමෙරිකන් විශේෂ නියෝජිත සැල්මේ කලයිල්සාද් සහ ඇෆ්ගන් තලේබාන් නායකයන් අතර හමුවක් දෝහා කටාර් හි තලේබාන් සාම කාර්යාලයේදී පැවැත්විණි.
තලේබාන් ත්‍රස්තවාදීන් ඇෆ්ගනිස්තානයේ සිදු කරන සියලු ප්‍රචණ්ඩ ක්‍රියා වහා නැවැත්විය යුතු යැයි ඇමෙරිකන් විශේෂ නියෝජිත සැල්මේ කලයිල්සාද් මෙහිදී තලේබාන් නායකයන්ගෙන් ඉල්ලීමක් කළේය.
ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවීමත් සමඟ, මේ වනවිට ඇෆ්ගනිස්තානයේ ප්‍රාදේශීය අගනගර ඇතුළු පළාත් රැසක් තලේබාන් ත්‍රස්තවාදීන් විසින් අත්පත් කරගනු ලැබ ඇත. ගතවුණු දින දෙක ඇතුළත කුන්දුස්, සාර් ඊ පෝල් සහ ටලෝකාන් යන නගර තලේබාන් ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට නතුවිය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd