වසර දෙකකින් එනම් 2023 දී බහු පාක්ෂික මැතිවරණයක් පැවැත්වීමට තමන් ප්‍රතිඥා දෙන බව, නායිකා අවුන් සාන් සූ කී ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන නායකයන් අත්අඩංගුවට ගනිමින්, හමුදා කුමන්ත්‍රණයකින් බලය අල්ලාගත් හමුදා ජනරාල් මින් අවුන් හෙයින් පවසා තිබේ.
හමුදා ජනරාල්වරයා මෙසේ ප්‍රතිඥා දුන්නේ, මියන්මාර ජාතික රූපවාහිනියෙන් විශේෂ ප්‍රකාශයක් ඔස්සේය.
හමුදා ජනරාල්වරයාගේ මෙහෙයවීමෙන් මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයක් සිදුවූයේ පසුගිය අප්‍රේල් පළමු වැනිදාය.
බලය අල්ලා ගැනීමෙන් පසු, මියන්මාර ප්‍රජාතාන්ත්‍රික නායිකා අවුන් සාන් සූ කී ඇතුළු ප්‍රජාතන්ත්‍ර දේශපාලන නායකයන් නිවාස අඩස්සියට පත් කෙරුණි.
ඔවුන්ට දේශද්‍රෝහී චෝදනා එල්ලවී ඇති අතර එම චෝදනා සම්බන්ධයෙන් නඩු විභාග පවා මේ වනවිට පැවැත්වෙයි.
හමුදා කුමන්ත්‍රණය සම්බන්ධයෙන්, බටහිර රටවලින් දිගින් දිගටම මියන්මාර හමුදා ජනරාල්වරයාට විරෝධයක් එල්ල විය.
ප්‍රජාතන්ත්‍රවාදය කඩිනමින් ස්ථාපිත නොකරන්නේ නම්, සම්බාධක පමුණුවන බවට ද ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර බලවතුන් මියන්මාර හමුදා පාලකයන්ට තර්ජනය කළේය.
මේ වනවිට මියන්මාරයේ 'කොවිඩ් 19' වසංගතය ද ඉතා දරුණු තත්ත්වයකට පත් වී ඇති අතර, ප්‍රමාණවත් එන්නත් නොමැතිවීමෙන් එරට එන්නත්කරණය ද මුළුමනින්ම පාහේ අඩපණ වී ඇත.
වයිරස ව්‍යාප්තිය හේතුවෙන් අසීරුවට පත් වුණු මියන්මාර වැසියන් වෙනුවෙන් ආධාර කරන්නැයි හමුදාපතිවරයා ජාත්‍යන්තරයෙන් ඉල්ලා ඇති නමුත් ඊට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැත.
(රොයිටර්)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
වසර දෙකකින් මැතිවරණයක් පවත්වනවා