
ඔලිම්පික් උළෙල පැවැත්වෙන ජපානයේ ටෝකියෝ නුවර මගී දුම්රියක් තුළ සිදුවුණු පිහි ප්‍රහාරයකින් 10 දෙනකු බරපතල තුවාල ලැබූ බව වාර්තා වේ.
පිහි ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔහු උම්මතකයකු බව මූලික පරීක්ෂණවලින් හෙලි වී තිබේ.
තමන් දුම්රිය තුළ සතුටින් සිටින කාන්තාවන් පිරිසක් දැක ඔවුන්ට පිහි ප්‍රහාර එල්ල කළ බව අත්අඩංගුවට ගත් එම තැනැත්තා පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත.
ප්‍රහාරය එල්ල කළ තැනැත්තා 36 හැවිරිදි තරුණයකු බව පැවැසෙයි. ඔහුගේ අනන්‍යතාව මෙතෙක් මාධ්‍ය වෙත ලබා දී නැත.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd