
'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයෙන් දරුණු ලෙස බැටකන ඉන්දුනීසියාවේ කොරෝනා මරණ මේ වනවිට ලක්ෂය පසු කර තිබේ. ඉන්දුනීසියාවෙන් වාර්තා වන සමස්ත 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන මිලියන 3.53 පසු කර ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.
ලෝක ජනගහනයෙන් සිවුවැනි ස්ථානයේ ඇත්තේ ඉන්දුනීසියාව වන අතර, ආසියාවේ ඉන්දියාවට පසු කොරෝනා වසංගතයෙන් දරුණු ලෙස බැටකන රාජ්‍යය වන්නේ ද ඉන්දුනීසියාවය. මේ වනවිටත් ආසාදිතයන් බහුලව හමුවන පළාත් සහ නගර මුළුමනින්ම ලොක්ඩවුන් කිරීමට ජනාධිපති යෝකෝ විඩෝඩෝ කටයුතු කර තිබේ. ඒ, සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් සැලකිල්ලට ගනිමිනි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd