IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


’ඩෙල්ටා’ පැපොල වගේ වේගයෙන් පැතිරෙනවා

'කොවිඩ් 19' කොරෝනා වයිරසයේ 'ඩෙල්ටා' ප්‍රභේදය, පැපොල රෝගය මෙන් ඉතා වේගයෙන් බෝවන, බරපතල රෝගාබාධ ඇති කරන වයිරස විකෘතියක් යැයි ඇමෙරිකාවේ වසංගත රෝග මර්දනය සහ ව්‍යාප්තිය පාලනය කිරීමේ ඒකකය අනතුරු අඟවයි.

මේ වනවිට ඇමෙරිකාවෙන් යළිත් වරක් 'කොවිඩ් 19' ආසාදිතයන් වැඩිවීමට පටන්ගෙන ඇත්තේ 'ඩෙල්ටා' විකෘතියේ ව්‍යාප්තිය හේතුවෙනි. ඇමෙරිකාවේ මේ වනවිට ව්‍යාප්ත වෙමින් පවතින, ප්‍රධානතම 'කොවිඩ් 19' වයිරස විකෘතිය ලෙස 'ඩෙල්ටා' සැලකිය හැකි යැයි ඇමෙරිකාවේ වසංගත රෝග මර්දනය සහ ව්‍යාප්තිය පාලනය කිරීමේ ඒකකය නිකුත් කළ වාර්තාවක සඳහන් වෙයි.

සෞඛ්‍ය අංශ කළ අනතුරු ඇඟවීම් සහ උපදෙස් අනුව නව මාර්ගෝපදේශ ඇමෙරිකන් වැසියන්ට ලබා දී ඇති අතර, වයිරස රෝගීන් බහුල නගර, පළාත් සහ ජනපදවල වැසියන් එන්නත් මාත්‍රා දෙක නියමිත පරිදි ලබාගෙන ඇතත්, යළිත් වරක් මුහුණු ආවරණ අනිවාර්ය කර තිබේ. සමාජ දුරස්ථභාවය ද අනිවාර්ය කිරීමට සෞඛ්‍ය අංශ උපදෙස් දී තිබේ.

ඇමෙරිකාවේ එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථක වී, රටේ ජනගහනයෙන් සියයට 70 කට වඩා එන්නත් ලබා දී අවසන් වූ බව සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් අනුව, පනවා තිබූ තහංචි ලිහිල් කිරීමට ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පරිපාලනය කටයුතු කර තිබුණි. අනපේක්ෂිත අයුරින් ආසාදිතයන් යළි වැඩිවීමට පටන් ගෙන ඇත්තේ එවැනි තත්ත්වයක් යටතේය.

මේ වනවිට ඇමෙරිකාවේ පමණක් නොව, ලෝකයේ රටවල් බොහොමයක යළි කොරෝනා ආසාදිතයන් වැඩිවීමට පටන්ගෙන තිබේ. ඒ, 'ඩෙල්ටා' විකෘතිය හේතුවෙනි. 'ඩෙල්ටා' යනු පළමු වරට ඉන්දියාවෙන් හමුවුණු කොරෝනා වයිරස විකෘතියයි.

(රොයිටර්)



අදහස් (0)

’ඩෙල්ටා’ පැපොල වගේ වේගයෙන් පැතිරෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 678 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2346 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1727 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site