
නිව්යෝක් ආණ්ඩුකාර ඇන්ඩෲ කූමෝ ට ලිංගික අපහරණ චෝදනා එල්ල වී ඇති බවත්, එම චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් පවත්වන්නැයි නීතිපතිවරයා උපදෙස් දී ඇති බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ.
සිය නිව්යෝක් නුවර කාර්යාලයේ සේවය කළ කාන්තාවන් 7 දෙනකුට ලිංගික හිරිහැර කළේ යැයි ආණ්ඩුකාර ඇන්ඩෲ කූමෝ ට චෝදනා එල්ල වී තිබේ.
එල්ල වී ඇති චෝදනා සුළුවෙන් තැකිය නොහැකි බවත්, එම චෝදනා සම්බන්ධයෙන් කඩිනමින් අපක්ෂපාතී විමර්ශනයක් පැවැත්විය යුතු බවත් නිව්යෝක් නීතිපතිනී ලෙටීටියා ජේම්ස් පෙන්වා දී තිබේ.
මේ අතර ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත්තේ එම චෝදනා ඔප්පු වුවහොත් ඇන්ඩෲ කූමෝ වහාම නිව්යෝක් ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් විය යුතු බවය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd