මුඛ ආවරණ පැලඳීමේ මාර්ගෝපදේශ අලුත් වෙයි මුඛ ආවරණ පැලඳීමෙන් එය පලඳින තැනැත්තා ද ආරක්ෂා වන බව ඇමෙරිකා එක්සත් රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි. 12 November 2020
බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ 50,000 පනී බ්‍රිතාන්‍යයේ කොරෝනා රෝගයෙන් මියගිය සංඛ්‍යාව 50,000 පසුකර තිබේ.රජය විසින් නිකුත් කළ නවතම සංඛ්‍යා ලේඛනවල දැක්වෙන්නේ මේ වනවිට බ්‍රිතාන්‍යයේ සිදුව ඇති මරණ සංඛ්‍යාව 50,365ක් බවයි. 12 November 2020
බහරේනයේ කලීෆා කුමරු මියයයි ලොව දීර්ඝතම කාලයක් සේවය කළ අගමැති ලෙස සැලකෙන බහරේනයේ කලීෆා බින් සල්මාන් අල් කලීෆා කුමරු මියගොස් තිබේ. 12 November 2020
සෞදියේ පිපිරීමක් පළමු ලෝක යුද්ධයේ අවසානය අනුස්මරණය කරමින් සෞදි අරාබියේ ජෙඩා නුවර සුසාන භූමියක පැවැති උත්සවයකට එල්ල වූ ප්‍රහාරයකින් කිහිපදෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 11 November 2020
සවුදියේ විදේශීය තානාපතිවරුන් සහභාගී වූ සැමරුම් උත්සවයකට බෝම්බ ප්‍රහාරයක් සවුදි අරාබියේ ජෙඩා නගරයේදී විදේශීය තානාපතිවරුන් සහභාගී වූ සැමරුම් උත්සවයක බෝම්බයක් පුපුරායාම හේතුවෙන් සිව් දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 11 November 2020
ට්‍රම්ප් ආරක්ෂක ලේකම්වරයාව නෙරපයි ඇමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම්වරයා එම ධුරයෙන් ඉවත් කළ බව එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය. 10 November 2020
ජෝ බයිඩන් කොරෝනා පාලන කාර්ය සාධක බළකායට ඇමෙරිකාවේ තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන්, මහජන සෞඛ්‍ය විශේෂඥයන් දෙදෙනකු ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා පත් කෙරෙන කාර් ය සාධක බලකාය සඳහා තෝරාගෙන ඇතැයි ඇමෙරිකානු පුවත් සේවා වාර්තා කරයි. 10 November 2020
කොවිඩ්-19 න් ආරක්ෂාවීමට සියයට 90ක ඵලදායීත්වයෙන් යුත් එන්නතක් කොරෝනා රෝගය සඳහා 90%ක පමණ ඵලදායීතාවයකින් යුතු එන්නතක් නිපදවීමට ඖෂධ සමාගම් දෙකක් සමත් වී ඇතැයි වාර්තා වේ. 09 November 2020
ජෝ බයිඩන් ජනපති ධුරයේ වැඩ අරඹයි ඇමෙරිකා එක්සත් ජනපදයේ තේරී පත්වූ ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් මහතා රාජකාරී ආරම්භ කර ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරයි. 09 November 2020
ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රතිසංස්කරණයට සූදානම් ප්‍රතිසංස්කරණ කටයුතු ඔස්සේ ලෝක සෞඛ්‍ය සංවිධානය ශක්තිමත් කිරීමට පියවර ගැනීමට සූදානම් බව එම සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රෝස් අදනොම් ග්‍රේබියේසස් මහතා අද (9) ප්‍රකාශ කළේය. 09 November 2020
පළමු වැන්නී මා වුවත් අවසානය මෙය නොවේ ඇමෙරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති ධුරයට පත්වූ පළමු කාන්තාව තමන් වුවත් අවසන් තැනැත්තිය තමන් නොවන බව කමලා හැරිස් ඩෙලවෙයාර් ජනපදයේ විල්මින්ග්ටන්හිදීය පැවැසුවාය. 08 November 2020
මේ ඇමෙරිකාව සුවපත් කරන්න කාලයයි - බයිඩන් අතිශයින් බෙදීමට ලක්ව ඇති ඇමෙරිකාව සුවපත් කිරීමට කාලය එළැඹ ඇතැයි ජයග්රහණයෙන් පසු සිය පාක්ෂිකයන් මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයේ සියලු දෙනා අමතමින් තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන් ඩෙලවෙයාර් ජනපදයේ විල්මින්ග්ටන්හිදී ඊයේ (7) පැවැසීය. 08 November 2020
ජපානයේ ෆුමිහිටෝ කුමරු සිහසුනේ මීළඟ උරුමක්කරු ලෙස නම් කරයි ජපාන අධිරාජ්‍ය නරුහිතෝ කුමරුගේ සහෝදරයා වන ෆුමිහිටෝ කුමරු ටෝකියෝ නුවර පැවති උත්සවයකදී සිංහාසනයේ උරුමක්කරු ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ. 08 November 2020
කොරෝනා අවදානම ද නොතකා මියන්මාර වැසියෝ ඡන්දය ප්‍රකාශ කරති මියන්මාරයේ මහ මැතිවරණය අද (08) පැවැත්වුණු අතර කොවිඩි අවදානම ද නොතකා මිලියන ගණනක් ජනතාව ඡන්දය ප්‍රකාශ කළ බව වාර්තා වේ. 08 November 2020
ඇමෙරිකාවේ උප ජනාධිපති ධුරයට පළමු වරට කාන්තාවක් ඇමෙරිකානු ඉතිහාසය අලුත් කරමින් කමලා හැරිස් මහත්මිය එරට උප ජනාධිපති ධුරයට පත් වූ පළමු කාන්තාව බවට පත්වූවාය. 08 November 2020
ඇමරිකානු ජනපතිවරණයේ ජය ජෝ බයිඩන්ට ඡන්ද ගණ හෙවත් ඡන්ද සමූහ 284 ක ජය හිමි කරගනිමින් ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ජය ලැබීමට ඩිමොක්රටික් පක්ෂයේ අපේක්ෂක ජෝ බයිඩන් අද (7) සමත් විය. 07 November 2020
ඩෙන්මාර්ක සංචාරකයින්ට බ්‍රිතාන්‍යයට ඇතුළුවීම තහනම් කරයි ඩෙන්මාර්කයේ මින්ක් ගොවිපලවල කොරෝනා වයිරසය පැතිරීම හේතුවෙන් ඩෙන්මාර්ක සංචාරකයින්ට බ්‍රිතාන්‍යයට ඇතුළුවීම වහාම තහනම් කිරීමට බ්‍රිතාන්‍ය බලධාරීහු අද (07) පියවර ගත්හ. 07 November 2020
බොස්නියාවේ අග්‍රාමාත්‍ය සෝරන්ට කොරෝනා බොස්නියාවේ අග්‍රාමාත්‍ය සෝරන් ටෙගල්ටිජා මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ. 07 November 2020
ධවල මන්දිරයේ ප්රධානියාටත් කොරෝනා ඇමරිකාවේ ධවල මන්දිර ප්‍රධානී මාර්ක් මෙඩෝස් මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 07 November 2020
ජෝ බයිඩන් ඡන්ද සමූහ 270 ආසන්නයටම ජෝශප් ආර්. බයිඩන් ජූනියර් හෙවත් ජෝ බයිඩන් මේ වනවිට ජනාධිපති ධුරයට සමීප වෙමින් සිටින්නේ පෙන්සිල්වේනියා සහ ජෝර්ජියා යන ජනපද දෙකේදීම ට්‍රම්ප් පසු කර යමිනි. ධවල මන්දිරය කරා ගමන් ගන්නා ගමනේදී ඡන්ද සමූහ එසේත් නැතිනම් ඡන්ද සමූහ 270ක බලය තහවුරු කරගත යුතු අතර හිටපු උප ජනාධිපති ජෝ බයිඩන් මේ වනවිට ඒ ආසන්නයටම පැමිණ ඇත. 07 November 2020
ජෝර්ජියා ජනපදයේ ඡන්දය නැවත ගණනය කරයි ඇමෙරිකාවේ ජෝර්ජියා ජනපදයේ ඡන්දය නැවත ගණන් කරන බව එම ජනපදයේ බලධාරීහු මීට ටික වේලාවකට පෙර නිවේදනය කළහ. 06 November 2020
කොරෝනා බෝකළැයි ඩෙන්මාර්කය මින්ක් මුගටියන් මරයි ඩෙන්මාර්කයේ, ලොම් ලබාගැනීම සඳහා ඇති කරන මුගටි විශේෂයකින් කොරෝනා වයිරසය මිනිසුන්ට බෝ වීමේ අවදානමක් පවතින බව එරට පර්යේෂකයන් පිරිසක් විසින් සොයාගෙන තිබේ. 06 November 2020
‘ජයග්‍රාහකයා තහවුරු කරන්න විගණනයක්’ ඇමෙරිකාවේ ජනාධිපතිවරණයේ ජයග්‍රහකයා නිවේදනය කිරීමට පෙර ඡන්ද විමසීමෙන් ජය ලැබුවේ කවුදැයි තහවුරු කිරීම සඳහා විගණනයක් කරන බව ජෝර්ජියා ප්‍රාන්තයේ මැතිවරණ නිලධාරීහු අද (6) නිවේදනය කළහ. 06 November 2020
එටා සුළි කුණාටුවෙන් 50ක් මරු දකිති ග්වාතමාලාව හරහා හමා ගිය එටා සුළි කුණාටුවෙන් ඇතිවූ ධාරාණිපාත වර්ෂාව හා නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 50 දෙනකු පමණ මියගොස් තිබේ. 06 November 2020
ඇමෙරිකානු ප්රජාතන්ත්රවාදය විහිලුවක් වෙලා ඇමෙරිකානු ප්රජාතන්ත්රවාදය විහිලුවක් බවට පත්ව ඇතැයි චීන මාධ්‍ය වාර්තා කරයි. 06 November 2020
ඇමෙරිකාවේ ප්රජාතන්ත්රවාදයේ යථාර්ථය හෙළිවෙලා ජනාධිපතිවරණයෙන් ඇමෙරිකානු ප්රජාතන්ත්රවාදයේ යථාර් ථය අනාවරණය වී ඇතැයි ඉරානයේ උත්තරීතර නායකයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය. 06 November 2020
ජනාධිපතිවරණයේ අවසාන තීරකයා ශ්‍රේෂ්ඨාධිකරණය නොවෙයි උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙන ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ අවසන් තීරකයා ශ්‍රේෂ්ඨාධිකරණය නොවන බව එරට නීති විශාරදයෝ පෙන්වදෙති. 05 November 2020
ඇමරිකානු ජනාධිපතිවරණය අවුලෙන් අවුලට ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ අවසන් වී දින තුනක් ගත වුවද නිල වශයෙන් ජයග්‍රහයකු ප්‍රකාශයට පත් කිරීමට නොහැකි තත්ත්වයක් අද (5) උද්ගතව තිබිණි. 05 November 2020
ජෝ බයිඩන් ඉදිරියෙන් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ අද (5) දහවල් වනවිට නිකුත් වී තිබූ ප්‍රතිඵල අනුව ඉදිරියෙන් සිටීමට ඩිමොක්රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂ ජෝ බයිඩන් මහතා සමත්ව ඇත. 05 November 2020
ලාංකික සිසුවා අසත්‍ය චෝදනාවලට පැටලූ ඕස්ට්‍රේලියානුවා හිරේට ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ශ්‍රී ලාංකික සිසුවෙකු අයි.එස් ත්‍රස්තක්‍රියා වල නිරත වූ බවට අසත්‍ය චෝදනාවකට පැටලීමේ සිද්ධියට වරදකරු වූ ඕස්ට්‍රේලියානු ජාතිකයාට එරෙහිව එරට නිව් සවුත්වේල්ස් අධිකරණය විසින් වසර 4හමාරක සිර දඬුවමක් අද (05) නියම කරනු ලැබ ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි. 05 November 2020
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026