ගතවුණු පැය 24 ඇතුළත නව ආසාදිතයන් 466 දෙනකු වාර්තාවීමත් සමඟ සංචාරක සීමා පනවා තිබුණු ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය මුළුමනින්ම ලොක්ඩවුන් කිරීමට නියමිතය.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය අද (14) සවස 5 සිට ලොක්ඩවුන් කරන බව ප්‍රාන්ත බලධාරීහු පවසති. ආසාදිතයන් වැඩිවීම කඩිවමින් පාලනය කර ගැනීමේ අරමුණින් සහ ජනතාව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් අනුව මෙම තීරණය ගත් බව ප්‍රාන්ත නියෝජ්‍ය ආණ්ඩුකාර ජෝන් බැරිලාරෝ පවසා තිබේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අගනුවර වන්නේ සිඩ්නි ය. නගරයේ ජනගහනය මිලියන 8 කට වැඩිය. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ වනවිට වාර්තා වන සමස්ත 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන 13,092කි. මරණ වාර්තා වන්නේ 97 ක් ලෙසය. ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 38,165 කි. සමස්ත මරණ වාර්තා වන්නේ 948 ක් ලෙසය.
(රොයිටර්)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
නිව් සවුත් වේල්ස් ලොක්ඩවුන්