
දේශපාලන සහ ආර්ථික අර්බුදවලින් පීඩාවට පත්වූ හයිටි රාජ්‍යය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාව හේතුවෙන් මියගිය ගණන 304 ක් යැයි වාර්තා වෙයි. හයිටි සිවිල් ආරක්ෂක සේවය කියා සිටියේ සුන්බුන් අතරේ සිරවුණු බොහෝ දෙනකු සිටින බැවින් මියගිය ගණන තවත් ඉහළ යා හැකි බවය. භූමි කම්පාව හේතුවෙන් තුවාල ලබා රෝහල්ගත කෙරුණු ගණන 2,000 කට වැඩිය.
නිවස සහ ගොඩනැගිලි රැසක් මුළුමනින්ම පාහේ බිමට සමතලා වී තිබේ. සුන්බන් අතරේ සිරවූවන් සොයා පැය 24 පුරා මෙහෙයුම් සිදුවන බව හයිටි සිවිල් ආරක්ෂක සේවයේ ප්‍රධානී ජෙරී චැන්ඩ්ලර් මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා තිබේ.
භූමි කම්පාව හටගත්තේ ඊයේ (14) ය. එය රික්ටර් පරිමාණයේ ඒකක 7.2 ක ප්‍රබලත්වයක් සටහන් කළේය. භූමි කම්පාවේ ප්‍රබලත්වය අවට රටවල් කිහිපයට දැනුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
භූමි කම්පාවේ අපිකේන්ද්‍රය සටහන් වූයේ හයිටියේ පෝට් ඕ ප්‍රින්ස් අගනුවර සිට කිලෝ මීටර් 160 ක් දුරිනි. භූමි කම්පාවෙන් දරුණු ලෙස හානි සිදුවූ ඇතැයි පැවැසෙන්නේ හයිටියේ දකුණු දිග පළාත් සහ නගරවලටය.
භූමි කම්පාවෙන් පසු සුනාමි අනතුරු ඇගවීම් පවා නිකුත් කෙරුණි. පසුව හයිටි වෙරළ තීරයට අඩි 10ක් පමණ උසැති රළ කඩා වැදුණු බව ද වාර්තා විය. මේ අතර භූමි කම්පාවෙන් විපකට පත්වුනු හයිටියට කඩිනමින් ඇමෙරිකාව ආධාර කරන බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ප්‍රතිඥා දී ඇත
2010 වසරේ ජනවාරි මාසයේ, හයිටියට අති ප්‍රබල මෙන්ම බිහිසුණු භූමිකම්පාවකින් කැලඹිණි. පෝට් ඕ ප්‍රින්ස් අගනුවර මුළුමනින්ම පාහේ විනාශ විය. එම භූමිකම්පාවෙන් මියගිය ගණන ලක්ෂ 2 ඉක්මවූ අතර තුවාල ලැබූ ගණන ලක්ෂ 3 ඉක්මවීය. එම භූමි කම්පාවේ ප්‍රබලත්වය ඊයේ (14) හටගත් භූමිකම්පාවට වඩා ප්‍රබලත්වයෙන් අඩුවය. එම භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 7.0 ක් ලෙසය.
(ඩේලිමේල් ඇසුරිනි)
2025 නොවැම්බර් මස 04
671
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2337
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1725
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හයිටි භූමි කම්පාවෙන් මියගිය ගණන 304 ක්
Mariya Sunday, 15 August 2021 09:55 PM
අල්ලාහ් නුබ කොහිද ?සර්වබලදාරී දෙවියනි නුඹ කොහෙද ?ඔබ මැවූ ලෝකයට දැන් කෙල වී ඇත .නුඹලා මොකද සැඟවී සිටින්නේ ඉදිරියට එන්නේ නැතුව .එන්න බැරිනම් නියෝජිතයෙක් හරි එවන්න බැරිද ?