IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


පාකිස්තානය නිදහස් දිනය සමරයි

පාකිස්තාන නිදහස් දිනය අද (14) ට යෙදී තිබේ.

නිදහස් දින සැමැරුම් පැවැත්වීම සිදුවූයේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුවය. ඊට හේතුව, පාකිස්තානය මේ වනවිට සිවුවැනි කොරෝනා රැල්ල නිසා දරුණු ලෙස පීඩාවට පත්වී ඇති බැවිනි.

පාකිස්තාන ජාතික ධජ සෑම නගරයකම, සෑම නිවසකට පාහේ දිකින්න ලැබුණු බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ප්‍රධාන සැමරුම් උත්සවය ඉස්ලාමාබාද් අගනුවර පැවැත්වුණේ හමුදා උත්තමාචාර මධ්‍යයේය.

පාකිස්තානය අද (14) ඔවුන්ගේ නිදහස් දිනය සමරද්දී, ඉන්දියාව ඔවුන්ගේ නිදහස් දිනය සැමරීම සිදු කරන්නේ අගෝස්තු 15 වැනිදා එනම් හෙට දිනයේය.

කෙසේ නමුත් ඉන්දියාව සහ පාකිස්තානය ලෙස ස්වෛරීය රාජ්‍යයන් දෙකක් නිර්මාණය වූයේ, 1947 වසරේ අගෝස්තු 15 වැනිදා ඉන්දීය නිදහස් පනත හරහාය.

පාකිස්තානය ඉන්දියාවට පෙර අගෝස්තු 14 වැනිදාත්, ඉන්දියාව 15 වැනිදාත් නිදහස් දිනය ලෙස තෝරා ගැනීම සම්බන්ධයෙන් ද අදහස් කීපයකි.

බ්‍රිතාන්‍ය ඉන්දීය ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ මවුන්ට්බැටන් ආදිපාදවරයා, පාකිස්තානය පිහිටුවීමේ පුරෝගාමියා වූ මොහොමද් අලි ජින්නාට පාලනය ලබා දීම සිදුවූයේ 1947 වසරේය.

ඉන්දියාව සහ පාකිස්තානය වෙනම ස්වෛරී රාජ්‍යයන් ලෙස මවුන්ට්බැටන් ආදිපාදවරයා නිල වශයෙන් කම් කළේ 1947 අගොස්තු 15 වැනිදාය.

එසේ වුවත්, පාකිස්තානය ඔවුන්ගේ නිදහස් දිනය ලෙස අගෝස්තු 14 වැනිදා තෝරාගෙන තිබෙන අතර, ඉන්දියාව ඔවුන්ගේ නිදහස් දිනය ලෙස තෝරාගෙන ඇත්තේ අගොස්තු 15 වැනිදාය.

ඉන්දියාවේ සහ පාකිස්තානයේ වේලාවන් වෙනස්ය. ඉන්දියාවේ වේලාව සැකැසී ඇත්තේ පාකිස්තානයට වඩා මිනිත්තු 30 ක් පසුපසිනි.

ඒ අනුව, ඉන්දියාව අගෝස්තු 15 වැනිදා මැදියම් රාත්‍රියේ නිදහස් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් වුණු අතර, පාකිස්තානයට නිදහස හිමිවූයේ අගෝස්තු 14 වැනිදා 11.30 ටය.

(ටයිම්ස් ඔෆ් ඉන්දියා)



අදහස් (0)

පාකිස්තානය නිදහස් දිනය සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 878 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site