
ඇෆ්ගනිස්තානයේ ජලල්ලාබාද් නුවර වැසියන්ගෙන් තලේබාන්වරුන්ට විරෝධයක් එල්ල වන බව වාර්තා වේ.
ජලල්ලාබාද් වැසියෝ සිය ගණනින් එක් වී, ඇෆ්ගන් ධජ අතැතිව නගරයේ පැවැත් වූ විරෝධතා රැලිවලට තලේබාන් සටන්කාමීන් වෙඩි තැබූ බවත්, විරෝධතාකරුවන් සිවු දෙනකු ජීවිතක්ෂයට පත් වී තවත් බොහෝ දෙනකු තුවාල ලැබූ බවත් විදෙස් වාර්තා සඳහන් කරයි. ජලල්ලාබාද් නුවර තත්ත්වය වාර්තා කරන මාධ්‍යවේදීන්ට ද තලේබාන් සටන්කාමීන් තර්ජනය කරන බවත්, බාධා කරමින් පහර දෙන බවත් වාර්තා වේ.
තලේබාන්වරුන් ජලල්ලාබාද් නුවර අත්පත් කර ගැනීමෙන් පසු නගරයේ ඔසවා තිබුණු ඇෆ්ගන් ධජ ඉවත් කිරීමට ගිය අවස්ථාවේදී නගර වැසියන්ගෙන් විරෝධය එල්ල විය.
ජලල්ලාබාද් නගරයේ මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම සහ පහරදීම සම්බන්ධයෙන් 'ජනමාධ්‍යවේදීන් ආරක්ෂා කර ගැනීමේ කමිටුව' තලේබාන්වරුන්ගෙන් ඉල්ලා ඇත්තේ පොරොන්දු වූ පරිදි මාධ්‍ය නිදහස ආරක්ෂා කරන ලෙසය.
තලේබාන් සටන්කාමීන් මාධ්‍යවේදීන් සිවු දෙනකුගේ නිවාසවලට කඩා වැදී ඒවා සෝදිසි කළ බවත්, එම මාධ්‍යවේදීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට තර්ජනය කර ඇති බවත් 'ජනමාධ්‍යවේදීන් ආරක්ෂා කර ගැනීමේ කමිටුව' පවසා තිබේ.
(අල් ජසීරා)
2025 නොවැම්බර් මස 04
672
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2337
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1725
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජලල්ලාබාද් වැසියෝ තලේබාන්වරුන්ට එරෙහි වෙති
chandima Thursday, 19 August 2021 01:36 PM
ඔය තලේබාන් ත්‍රස්තයෝ අද ඔහොම උජාරුවට උන්නට ඕකුන්ට වැඩි කල් යන්න කලින් කොවිඩ් හැදෙනවා. එතකොට නිකම්ම වඳ වෙලා යනවා. කරන්න තියෙන්නේ වැක්සින් එක දෙන්න නම් සියලු ගරිල්ලන් තමන් සතු ආයුධ උපකරණ භාර දීල නිරායුධව එන්න කියල කොන්දේසියක් ජාත්‍යන්තර ප්‍රජාව විසින් කිරීමයි. වැඩේ නිකම්ම ඉවරයි.
fairoosThursday, 19 August 2021 03:49 PM
ඔයා නම් මොල නැවක්...
niluFriday, 20 August 2021 03:14 AM
චීනය තලේබාන් පැත්තේ.
සෙනෙවිරත්න Friday, 20 August 2021 06:21 AM
ඒකෙන් බැට කන්නෙ සාමාන්‍ය ජනතාව, මෙවුන්ට චීනය අනීවාර්යෙන්ම එන්නත දීලා ඇති. මේකෙන් වෙන්නෙ ආයෙමත් රට සිවිල් යුද්ධයකට යන එක. කවදාවත් සැනසිල්ලේ ඉන්න ලැබෙන්නෙ නැහැ .
SirithungaFriday, 20 August 2021 11:10 AM
චන්දිම, තමුන් තලේබාන් ත්‍රස්තයින්ටත් වඩා පහත් අදහසක් දාලා තියෙන්නේ... ඕකෙන් කාලකන්නි ත්‍රස්තයින්ට අමතරව අහිංසක මිනිස්සු කීයක් මැරෙයිද? ත්‍රස්තයින් රටක් අල්ලාගත්තාට ඒකේ මිනිස්සු සේරම ඒකට පලි නෑනේ... ආණ්ඩුවටත් අපේ හමුදාවටත් බනින මිනිස්සුන්ගේ සැබෑ ස්වරූපය තමයි මේ...
pakeer Thursday, 19 August 2021 11:17 PM
ත්‍රස්තවාදීන් කියන්නේ ත්‍රස්තවාදීන්ට.. මරාගෙන මැරෙන අයට මොන එන්නත්ද? උන් කියයි.. උන් ඉල්ලන ඒවා නොදුන්නොත් සාමාන්‍ය වැසියන්ට කෝවිඩ් හදවනවා කියලා. මොවුන් මෙල්ල කරන්න බැහැ.