
ඇෆ්ගනිස්තානයේ ජලල්ලාබාද් නුවර වැසියන්ගෙන් තලේබාන්වරුන්ට විරෝධයක් එල්ල වන බව වාර්තා වේ.
ජලල්ලාබාද් වැසියෝ සිය ගණනින් එක් වී, ඇෆ්ගන් ධජ අතැතිව නගරයේ පැවැත් වූ විරෝධතා රැලිවලට තලේබාන් සටන්කාමීන් වෙඩි තැබූ බවත්, විරෝධතාකරුවන් සිවු දෙනකු ජීවිතක්ෂයට පත් වී තවත් බොහෝ දෙනකු තුවාල ලැබූ බවත් විදෙස් වාර්තා සඳහන් කරයි. ජලල්ලාබාද් නුවර තත්ත්වය වාර්තා කරන මාධ්‍යවේදීන්ට ද තලේබාන් සටන්කාමීන් තර්ජනය කරන බවත්, බාධා කරමින් පහර දෙන බවත් වාර්තා වේ.
තලේබාන්වරුන් ජලල්ලාබාද් නුවර අත්පත් කර ගැනීමෙන් පසු නගරයේ ඔසවා තිබුණු ඇෆ්ගන් ධජ ඉවත් කිරීමට ගිය අවස්ථාවේදී නගර වැසියන්ගෙන් විරෝධය එල්ල විය.
ජලල්ලාබාද් නගරයේ මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම සහ පහරදීම සම්බන්ධයෙන් 'ජනමාධ්‍යවේදීන් ආරක්ෂා කර ගැනීමේ කමිටුව' තලේබාන්වරුන්ගෙන් ඉල්ලා ඇත්තේ පොරොන්දු වූ පරිදි මාධ්‍ය නිදහස ආරක්ෂා කරන ලෙසය.
තලේබාන් සටන්කාමීන් මාධ්‍යවේදීන් සිවු දෙනකුගේ නිවාසවලට කඩා වැදී ඒවා සෝදිසි කළ බවත්, එම මාධ්‍යවේදීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට තර්ජනය කර ඇති බවත් 'ජනමාධ්‍යවේදීන් ආරක්ෂා කර ගැනීමේ කමිටුව' පවසා තිබේ.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තලේබාන් ත්‍රස්තයෝ අද ඔහොම උජාරුවට උන්නට ඕකුන්ට වැඩි කල් යන්න කලින් කොවිඩ් හැදෙනවා. එතකොට නිකම්ම වඳ වෙලා යනවා. කරන්න තියෙන්නේ වැක්සින් එක දෙන්න නම් සියලු ගරිල්ලන් තමන් සතු ආයුධ උපකරණ භාර දීල නිරායුධව එන්න කියල කොන්දේසියක් ජාත්‍යන්තර ප්‍රජාව විසින් කිරීමයි. වැඩේ නිකම්ම ඉවරයි.
ත්‍රස්තවාදීන් කියන්නේ ත්‍රස්තවාදීන්ට.. මරාගෙන මැරෙන අයට මොන එන්නත්ද? උන් කියයි.. උන් ඉල්ලන ඒවා නොදුන්නොත් සාමාන්‍ය වැසියන්ට කෝවිඩ් හදවනවා කියලා. මොවුන් මෙල්ල කරන්න බැහැ.