ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය, එරට පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය සහ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්‍රස් පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ නවයකට දඩ නියම කළේය. ඒ, එම පක්ෂ, ඔවුන්ගේ අපේක්ෂකයන්ට එරෙහිව පවතින අපරාධ නඩු ප්‍රසිද්ධියට පත් නොකිරීම හේතුවෙනි.
ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය සහ ජාතිකවාදී කොංග්‍රස් පක්ෂයට ඉන්දීය රුපියල් ලක්ෂ පහ බැගින් ද, භාරතීය ජනතා පක්ෂයට, කොංග්‍රස් පක්ෂයට, ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයට, බහුජාන් සමාජ් පක්ෂයට සහ එක්සත් ජනතා දාල් පක්ෂයට ඉන්දීය රුපියල් ලක්ෂය බැගින් ද මෙසේ දඩ නියම කෙරුණු බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
සෑම පක්ෂයක්ම, එම පක්ෂයේ අපේක්ෂකයන් සම්බන්ධයෙන් අපරාධ නඩු පවතින්නේ නම්, ඊට අදාළ සියලු විස්තර, පක්ෂ නිල වෙබ් අඩවි ඔස්සේ ප්‍රසිද්ධියට පත් කළ යුතු බවත්, එසේ කළ යුත්තේ නාම යෝජනා ඉදිරිපත් වී සතියක් හෝ දෙකක් ප්‍රමාද වී නොව, නාම යෝජනා බාර දී පැය 48 ක් ගත වීමට පෙර බවත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
මීට අමතරව, මන්ත්‍රීවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් අපරාධ නඩු පවතින්නේ නම්, අදාළ මහාධිකරණයේ නියෝගයකින් තොරව, එම අපරාධ නඩු අහෝසි කිරීමට කිසිදු අවසරයක් නොමැති බව ද ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇත.
අධිකරණය හමුවේ වරදකරුවන් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජීවිතාන්තය තෙක් මැතිවරණවලට සහභාගී වීමට අවසර ලබා නොදෙන්නැයි නියෝග කරන ලෙස ඉල්ලමින්, නීතිඥ අශ්විනි කුමාර් උපාද්‍යාය විසින් ගොනු කළ පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මේ බව පැහැදිලි කළ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ඉන්දීය දේශපාලන පක්ෂවලට දඩ නියම වෙයි