IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඇෆ්ගන් ජනපති ටජිකිස්තානයට පලා යයි

ඇෆ්ගනිස්තාන ජනාධිපති අෂ්රෆ් ඝානී කාබුල් අගනුවර අත්හැර ටජිකිස්තානය වෙත ගොස් ඇතැයි ඇෆ්ගනිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය.

ආරක්ෂක හේතු මත ඇෆ්ගනිස්තාන ජනාධිපතිවරයාගේ ගමන් බිමන් හෝ ඔහු සිටින්නේ කොහේදැයි කිව නොහැකි බව ඇෆ්ගනිස්තාන ජනාධිපති කාර්යාලයේ නිලධාරියෙක් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පැවැසීය.

තලේබාන් සටන්කාමීන් ඊයේ (15) කාබුල් නුවර වටකරමින් කඩා වැදුණු අවස්ථාවේදී ඝානී සිටින්නේ කොහේදැයි නගරය පීරමින් සොයන්නවූ බව ද වාර්තා වේ.

ඇෆ්ගන් ජනාධිපතිවරයා ටජිකිස්තානයට පලා යෑම සම්බන්ධයෙන් ඇෆ්ගන් වැසියෝ අප්‍රසාදය පළ කරති. තමන් අමාරුවේ දමා ජනාධිපතිවරයා රටින් පලා ගියේ යැයි ඔවුහු චෝදනා නගති.

මේ අතර, නගරයේ කඩසාප්පු සහ නිවාස හෝ රාජ්‍ය ගොඩනැගිලි සහ තානාපති කාර්යාල හෝ කොල්ලකෑමෙන් වළකින්නැයි තලේබාන් නායකයන් තම සටන්කාමීන්ට දැනුම් දී තිබේ.

තලේබාන් සංවිධානය ද දේශපාලනික අංශය සහ සන්නද්ධ අංශය ලෙස කොටස් දෙකකි. තලේබාන් සංවිධානයේ ප්‍රධාන නායකයා (අමීර් අල් මු'මිනින්) වන්නේ මවුලවී හිබතුල්ලා අකුන්ද්සාදා ය. මොහු තලේබාන් හිටපු නීතිපතිවරයාය. 2016 සිට තලේබාන් සංවිධානයට නායකත්වය දෙයි. දේශපාලනික, ආගමික සහ හමුදා කටයුතු සම්බන්ධයෙන් අවසන් තීරණය ඇත්තේ මොහු සතුවය.

තලේබාන් දේශපාලනික අංශ නායකයා වන්නේ මුල්ලා අබ්දුල් ඝානී බරඩාර් ය. තලේබාන් සංවිධානය පිහිටුවීමේ දෙවැනියා ලෙස මොහු සැලකෙයි. දෝහා කටාර් හි තලේබාන් දේශපාලනික කාර්යාලයේ ප්‍රධානියා ද මොහුය. නියෝජ්‍ය නායකමුල්ලා මොහොමද් යාකූබ් තලේබාන් සංවිධානය පිහිටවූ මුල්ලා ඕමාර්ගේ පුත්‍රයාය. තලේබාන් හමුදා අණදෙන නිලධාරියා වන්නේ මොහුය. මේ වනවිට ඇෆ්ගනිස්තානයේ සටන් මෙහෙයවීම සිදු කරන්නේ මොහුය.

තලේබාන් සංවිධානයේ නියෝජ්‍ය නායකයකු ලෙස සැලකෙන්නේ සිරජුදීන් හක්කානීය. හක්කානී නමැති ඉස්ලාමීය ත්‍රස්ත ජාලයේ ප්‍රධානියා මොහුය. හක්කානී යනු තලේබාන් සහාය ඇතිව ස්ථාපිත කළ ඉස්ලාමීය ත්‍රස්ත කල්ලි කීපයකින් සැදුම්ලත් ජාලයකි. තලේබාන් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විනිසුරු ලෙස කටයුතු කරන්නේ‍ මුල්ලා අබ්දුල් හකීම්ය.

තලේබාන් සංවිධානයේ අධිකරණ කටයුතු සියල්ල මොහු යටතේ සිදුවෙයි. දෝහා කටාර් හි සාකච්ඡා සඳහා පවත්වන නියෝජිත කණ්ඩායමට නායකත්වය ලබා දෙයි. ඊට අමතරව, තලේබාන් සංවිධානයට නායකත්ව මණ්ඩලයක් (රහ්බාරි ෂූරා කවුන්සිලය) ඇත. තලේබාන් සංවිධානයේ තීන්දු තීරණ ගන්නේ සාමාජිකයන් 26 දෙනකුගෙන් සමන්විත මෙම මණ්ඩලයයි.

(රොයිටර්)



අදහස් (0)

ඇෆ්ගන් ජනපති ටජිකිස්තානයට පලා යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 672 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2337 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1725 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site