
රෝහල් ධාරිතාව ඉක්මවා යෑමත් සමඟ 'කොවිඩ් 19' ආසාදිතයන් නිවෙස්වල රඳවා නිවසේ දී ප්‍රතිකාර කිරීමට ඉන්දුනීසියා රජයටත් සෞඛ්‍ය අංශයටත් සිදුවුණු බැවින්, එරට 'කොවිඩ් 19' ව්‍යාප්තිය උත්සන්න වීමට හේතුවක් වී ඇත.
ඉන්දුනීසියාවේ ආසාදිතයන් දෛනිකව ඉහළ ගොස් ඇත්තේ 'ඩෙල්ටා' විකෘතියේ බලපෑම් නිසාය. ආසාදිතන් ඉහළ යද්දී ඉන්දුනීසාවේ සෞඛ්‍ය පද්ධතිය මුළුමනින්ම අඩපණ විය.
ආසාදිතයන් නිවෙස්වල නිරෝධායනයට යොමු කිරීමෙන්, නිවෙස්වල සෙසු සියලු දෙනා ආසාදිතයන් වීමත්, නිසි වෛද්‍ය අධීක්ෂණයක් නොමැති බැවින්, ඔවුන් මියයෑම සහ ඔවුන් නිවෙස්වලින් ගොස් වගකීම් විරහිතව හැසිරීම වයිරස ව්‍යාප්තියට හේතුවක් වූ බව ඉන්දුනීසියානු පුවත් සේවා පෙන්වා දෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙ මාධ්‍ය හරහා උපදෙස් දෙන්න යෝජනා ඉදිරිපත් කරන්න ප්‍රවීණයෝ ඉන්නේ නැතිව ඇති මගේ හිතේ? ඒ මදිවට එහෙ වලපයයි, ගොඩපයයි ගානේ ඉන්න සියල්ල දත් ගාණ කොතෙකුත් නැතිව ඇතිනේ... පව්, ඉන්දුනීසියාව. අපි එරට ජනතාවට සෙත් පතමු...