
හයිටියට බලපෑ භූමි කම්පාව හේතුවෙන් මියගිය ගණන 1,297 දක්වා ඉහළ ගොස් තිබේ.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන ආකාරයට 2,000 කට වැඩි පිරිසක් නිවාස සහ ගොඩනැගිලිවල සුන්බුන් අතරේ සිරවී සිටින බව වාර්තා වේ. භූමි කම්පාවෙන් තුවාල ලැබූ ගණන 5,700ක් කි.
රික්ටර් පරිමානයේ ඒකක 7.2ක ප්‍රබලත්වයෙන් යුත් භූමි කම්පාව හයිටිය කැලඹුවේ පසුගිය 14 වැනිදාය. නගර රැසක නිවාස ගොඩනැගිලි රැසක් විනාශ විය. විනාශ වුණු ගොඩනැගිලි අතර රෝහල් රැසක් ද ඇතැයි පැවැසෙයි.
මේ වනවිට හයිටියේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, විදෙස් ආධාර එරටට ළගා වෙන බව ද වාර්තා වේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd