
ඇෆ්ගනිස්තානයේ හිටපු ජනාධිපතිවරයකු වන හමීඩ් කර්සායි තලේබාන්වරුන් සමඟ සාකච්ඡා පවත්වා ඇති බවත්, තලේබාන්වරුන් පිහිටුවන නව රජය සමඟ එක්වීමට කර්සායි සූදානම් වන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
හමීඩ් කර්සායි යනු, අෂ්රාෆ් ඝානීට පෙර, බටහිර අනුග්‍රහයෙන් ස්ථාපිත කළ ඇෆ්ගන් රජයේ ජනාධිපතිවරයාය. ජනාධිපති ධුරයේ සිටිද්දීත්, ඉන්පසුවත් තලේබාන් සංවිධානය සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීමටත් ඔවුන් දේශපාලන සම්බන්ධ කර ගැනීමටත් උත්සාහ කළ අයකු ලෙස කර්සායි සැලකෙයි.
පසුගිය කාලයේ තලේබාන්වරුන් සමඟ සාම වැඩපිළිවෙළක් පිළිබඳ කර්සායිගේ මැදිහත් වීමෙන් සාකච්ඡා පැවැත්වුණු බව ද ඉන්දීය පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කර තිබේ.
තලේබාන් සංවිධානයට සම්බන්ධ 'හක්කානී' ජාලයේ නායකයකු වන අනාස් හක්කානී සහ කර්සායි අතර හමුවක් පැවැත්විණි. ඊට කර්සායි සමඟ අබ්දුල්ලා අබ්දුල්ලා ද එක් විය. අබ්දුල්ලා අබ්දුල්ලා යනු පලා ගිය ජනාධිපති අෂ්රාෆ් ඝානීගේ රජයේ තලේබාන් සාම නියෝජිතයා ලෙස කටයුතු කළ තැනැත්තාය.
තලේබාන් සන්නද්ධ අංශ ශක්තිමත් කිරීමට අවි ආයුධ මිලදී ගැනීම සිදු කරන්නේත්, තලේබාන් සංවිධානයේ මූල්‍ය කටයුතු සියල්ල බාරව කටයුතු කරන්නේත් මෙම 'හක්කානී' ජාලයයි.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
715
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කර්සායි තලේබාන් සමඟ එක්වෙයි