IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


මුහුණ වසා නොගත්තැයි තරුණියක මරලා

ඇෆ්ගන් තලේබාන් ත්‍රස්තවාදීන් මුහුණ ආවරණය නොකර, මෝටර් රථයකින් ගමන් කරමින් සිටි තරුණියක ඝාතනය කර ඇතැයි 'ඇෆ්ගන් ටයිස්' පුවත්පත උපුටා දක්වමින්, ඉන්දියාවේ 'ඩී.එන්.ඒ.' පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

21 හැවිරිදි, නසානී නමැති මෙම තරුණිය බුර්කාවක් හෝ හිජාබයක් පැලඳ නොසිටි හෙයින්, තලේබාන් ත්‍රස්තයන් ඇය ගමන් කළ මෝටර් රථය බලහත්කාරයෙන් නවත්වා, ඇය මෝටර් එරථයෙන් පිටතට ඇදගෙන ගොස් වෙඩි තබා ඝාතනය කළ බව 'ඇෆ්ගන් ටයිස්' පුවත්පත වාර්තා කර තිබේ.

ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමත් සමඟ තලේබාන් සංවිධානය යළි ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ කරමින්, ඇෆ්ගනිස්තානයේ පළාත් සහ නගර අල්ලා ගෙන තිබේ.

තලේබාන් සංවිධානය දැඩි ඉස්ලාමීය අන්තවාදීන් පිරිසක් වන අතර, බාලිකා අධ්‍යාපනයට සහ කාන්තාවන්ට නිදහසේ ජීවත් වීමට ඔවුන් ඉඩ ලබා දෙන්නේ නැත.

නසානී නමැති මෙම තරුණිය ඝාතනයට ලක්වූයේ බලක් දිස්ත්‍රිකයේ ය. බල්ක් දිස්ත්‍රික්කය ඇෆ්ගනිස්තානයේ උතුරු දෙසින් පිහිටා ඇති අතර, මෙම පළාත මේ වනවිට මුළුමනින්ම පවතින්නේ තලේබාන් ග්‍රහණයේය.

තලේබාන් සංවිධානය දේශපාලනික අංශය සහ සන්නද්ධ අංශය ආදී වශයෙන් කොටස් දෙකකි. ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී ගියේ තලේබාන් දේශපාලන දේශපාලන අංශය සහ ඇෆ්ගන් රජය අතරේ සාම සැලැස්මක් ක්‍රියාත්මක කරමිනි. කෙසේ නමුත් තලේබාන් ත්‍රස්ත කල්ලි ඒම සාම සැලැස්ම ගැන කිසිදු තැකීමක් නොකරන අතර, ඔවුන් තලේබාන් ජ්‍යෙෂ්ටයන්ට කීකරු ද නැත.

තරුණිය ඝාතනය කිරීමේ සිදුවීම ගැන තමන් දැඩි ලෙස කනගාටු වන බවත්, එය ඉතා ම්ලේච්ඡ, කුරිරු ක්‍රියාවක් යැයි තලේබාන් දේශපාලන අංශය වෙනුවෙන් එහි මාධ්‍ය ප්‍රකාශක සබිහුල්ලා මුජහිද් පවසා ඇත.
මේ අතර තලේබාන් සටන්කාමීන් බාලවයස්කාර දැරියන් පමණක් නොව, විවාහ නොවුණු යුවතියන් සහ වැන්දඹු කාන්තාවන් බලහත්කාරයෙන් විවාහ කර ගන්නා බවට ද තොරතුරු ලැබී තිබේ.

(ඇෆ්ගන් ටයිම්ස්)



අදහස් (1)

මුහුණ වසා නොගත්තැයි තරුණියක මරලා

Rohana Wednesday, 11 August 2021 08:07 PM

කොහේද යන උන්මන්තකයින් කණ්ඩායමක්... මොවුන් සහමුලින්ම අතුගා දැමිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 678 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2343 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1727 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site