ෆයිසර් සමාගමෙන් එන්නත් මාත්‍රා මිලියන 50ක් ගැනීම සඳහා ඉන්දියාව මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇතැයි වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත සඳහන් කරයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆයිසර් සහ ජර්මනියේ බයෝඇන්ටෙක් සමාගම එක්ව නිෂ්පාදනය කළ ෆයිසර්/බයෝඇන්ටෙක් කොවිඩ්-19 මර්දන එන්නත් මිලදී ගැනීම සඳහා ඉන්දියාව මෙලෙස සාකච්ඡා ආරම්භ කර ඇතැයි වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත වාර්තා කර තිබේ.
ඉන්දියාවට එන්නත් සැපයීම සඳහා මේ වනවිට ඉන්දීය රජය සමඟ සාකච්ඡා ආරම්භ කර ඇතැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ෆයිසර් සමාගමේ ප්‍රකාශකයෙක් පැවැසීය. කෙසේ නමුත් ඊට වඩා වැඩි විස්තරයක් ලබාදීම හෙතෙම ප්‍රතික්ෂේප කළේය.
මේ සම්බන්ධයෙන් ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පිළිතුරක් ලබාගැනීමට උත්සාහ කළ ද එය සාර්ථක නොවීය.
මේ අතර ඉන්දියාව තවමත් ෆයිසර්/බයෝඇන්ටෙක් සමාගමේ ‘කොවිඩ්-19’ මර්දන එන්නතට අවසර ලබා දී නැත.
(රොයිටර්)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ෆයිසර් එන්නත් මිලියන 50 ක් ඉන්දියාවට