IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


එන්නත් ලබා නොගත් සේවකයන් පහ කරලා

සී.එන්.එන්. සභාපති ජෙෆ් සකර්

කොවිඩ් මර්දන  එන්නත් ලබා නොගෙන, රැකියාවට වාර්තා කළ සේවකයන් තිදෙනෙකු සේවයෙන් පහ කිරීමට ඇමෙරිකාවේ සී.එන්.එන් ප්‍රවෘත්ති සමාගම් පාලනාධිකාරිය පියවර ගෙන ඇත.

ඒ අනුව, එන්නත් ලබා ගන්නා ලෙස පාලන අධිකාරිය සියලු සේවකයන්ට අනිවාර්ය කර තිබියදී එන්නත් ලබා නොගත්තැයි සේවකයන් සේවයෙන් පහ කළ පළමු එක්සත් ජනපද සමාගම ලෙස සී.එන්.එන් ප්‍රවෘත්ති සමාගම සැලකෙයි.

සේවයෙන් නෙරපන ලද සේවකයන් ගැන හෝ ඔවුන් පදිංචි ස්ථානය ගැන සී.එන්.එන්. කිසිදු විස්තරයක් ඉදිරිපත් නොකිරීමට සී.එන්.එන් සමාගම කටයුතු කිරීම විශේෂත්වයකි.

මෙම සේවකයින් තිදෙනා සේවයෙන් පහ කිරීම පිළිබද සී.එන්.එන්. සභාපති ජෙෆ් සකර්, කාර්ය මණ්ඩල සාමාජිකයින්ට දන්වා ඇති අතර තම සේවකයින් වෙනත් ආයතනයන්හි සේවකයින් සමඟ සබඳතා ඇත් නම් කාර්යාලයට හෝ ක්ෂේත්‍ර වාර්තා කළහොත් කොරෝනා වයිරස් එන්නත ලබා ගැනීම අනිවාර්ය බවය.

ලොව රටවල් රැසක මෙන් ඇමෙරිකා එක්සත් ජනපදය තුළද  මෑතකදී ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය වාර්තා විණි.

තවද ඉකුත් මැයි මාසයේදී එක්සත් ජනපද රජය විසින් කාර්යාල ස්ථානයේ සේවකයින්ට එන්නත් ලබා දීම අනිවාර්ය කෙරිණි.

( ද ගාඩියන්)



අදහස් (0)

එන්නත් ලබා නොගත් සේවකයන් පහ කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 678 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2344 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1727 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site