IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


ඇෆ්ගනිස්තානය යළි එමිරේට් රාජ්‍යයක් වෙයි

මුල්ලා අබ්දුල් ඝානී බරාදාර්

තලේබාන්වරුන් යටතේ, ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සකස් කර දුන් ව්‍යවස්ථාව අහෝසි වී, ඇෆ්ගනිස්තානය යළිත් වරක් ඉස්ලාමීය එමිරේට්ස් රාජ්‍යයක් බවට පත්විය.

තලේබාන්වරුන්ගේ නව රජයේ නව ජනාධිපති ලෙස තලේබාන් සංවිධානයේ සම නිර්මාතෘ මුල්ලා අබ්දුල් ඝානී බරාදාර් ද ඇෆ්ගන් එමීර්වරයා ලෙස තලේබාන් සංවිධානයේ උත්තරීතර නායක හයිබතුල්ලා අකුන්සාදා ද කටයුතු කරනු ඇති බවත් විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.

තලේබාන් සංවිධානයේ වත්මන් උත්තරීතර නායකයා වන්නේ ඉස්ලාමීය නීති විශාරදයකු ද වන හයිබතුල්ලා අකුන්සාදා ය. තලේබාන් සංවිධානයේ දේශපාලනික, ආගමික සහ හමුදා කටයුතු සම්බන්ධයෙන් අවසන් තීරණය ඇත්තේ මොහු සතුව වන අතර, සියලු කටයුතු සිදුවන්නේ ද හයිබතුල්ලා අකුන්සාදාගේ අනුමැතිය පරිදිය.

හයිබතුල්ලා අකුන්සාදා තලේබාන් නායකත්වයට පත් වූයේ 2016 වසරේදීය. ඒ, ඔහුට පෙර නායකයා ලෙස කටයුතු කළ අක්තාර් මන්සූර් ඇමෙරිකන් ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යෑමෙන් පසුවය. අක්තාර් මන්සූර් යනු තලේබාන් සංවිධානයට පිහිටුවීමේ පුරෝගාමියා වන මුල්ලා ඔාමාර්ගෙන් පසු තලේබාන් නායකයා බවට පත්වුණු තැනැත්තාය.

තලේබාන් නායකත්වය හිමිවනතුරු, හයිබතුල්ලා අකුන්සාදා, වසර 15 ක් තිස්සේ, නිරිතදිග පාකිස්තානයේ කුචලාක් නගරයේ මුස්ලිම් දේවස්ථානයක ආගමික දේශකයකු ලෙස කටයුතු කළේය. අවුරුදු 60ක් පමණ වයසැති හයිබතුල්ලා අකුන්සාදා සිටින ස්ථාන පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා වී නැතැයි මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මුල්ලා ඕමාර් සමඟ එක් වී, තලෝබාන් සංවිධානය පිහිටවූ, එම සංවිධානයේ සම නිර්මාතෘ ලෙස සැලකෙන මුල්ලා අබ්දුල් ඝානී බරාදාර් තලේබාන් සංවිධානයේ දේශපාලන අංශයට නායකත්වය දෙයි.

මේ වනතුරු දෝහා කටාර් හි තලේබාන් සාම කාර්යාලයේ කටයුතු මෙහෙයවීම සිදු කරන්නේ මුල්ලා අබ්දුල් ඝානී බරාදාර්ය. තලේබාන්වරුන් දේහා නුවර, සාම කාර්යාලයක් පිහිටවූයේ ඇෆ්ගන් රජය සමඟත් ඇමෙරිකාව සමඟත් දීර්ගකාලීන සාම වැඩපිළිවෙළක් සහ සටන් විරාමයක් ස්ථාපිත කිරීමේ අරමුණින්ය.

කටාර් රාජ්‍යයේ අනුග්‍රහය මෙම සාම කාර්යාලයට හිමිවෙයි. ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී ගියේ ද මෙම සාම කාර්යාලය හරහා ඇමෙරිකාව, තලේබාන් සංවිධානය සහ ඇෆ්ගන් රජය අතරේ ඇතිකරගත් සාම වැඩපිළිවෙළකට අනුවය. කෙසේ නමුත් එම වැඩපිළිවෙළ අසාර්ථක වූයේ තලේබාන් සන්නද්ධ අංශය ඊට එරෙහි වුණු බැවිනි.

හයිබතුල්ලා අකුන්සාදා

බරාදාර්, තලේබාන් නිර්මාතෘ මුල්ලා ඕමාර්ගේ වඩාත් විශ්වාසනීය අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ තැනැත්තා ද වෙයි. 2010 වසරේ දී මුල්ලා අබ්දුල් ඝානී බරාදාර් ඇෆ්ගන් ආරක්ෂක අංශ විසින් අල්ලා ගනු ලැබුණි. ඒ, පාකිස්තානයේ කරච්චි නුවරදීය.

පසුව ඇති කරගත් එකඟතාවකට අනුව 2018 දී මුල්ලා අබ්දුල් ඝානී බරාදාර්ට නිදහස ලැබුණි. කටාර් රාජ්‍යයේ අනුග්‍රහයෙන්, දෝහා නුවර සාම කාර්යාලයක් පිහිටුවීමටත්, ඇමෙරිකාව සහ ඇෆ්ගන් රජය සමඟ සාකච්ඡා පැවැත්වීමටත් මුල්ලා අබ්දුල් ඝානී බරාදාර් කටයුතු කළේ ඒ අනුවය.

(රොයිටර්)



අදහස් (0)

ඇෆ්ගනිස්තානය යළි එමිරේට් රාජ්‍යයක් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 877 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site