
නව කොරෝනා වයිරසයේ නව ප්‍රභේදයක් වන ඩෙල්ටා ප්‍රභේදය පැතිර යෑම හේතුවෙන් බීජිං අගනුවර ආරක්ෂාව වැඩි කිරීමට චීනය පියවර ගෙන ඇත.
චීනයේ නගර කිහිපයකින්ම මේ වනවිට ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් හඳුනාගෙන ඇති අතර ඒ හේතුවෙන් චීනය මෙලෙස දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන ඇත.
බීජිං අගනුවරට පැමිණීමට අපේක්ෂා කරන එහෙත් ඉහළ අවදානමක් සිටින පිරිස් ඔවුන්ගේ සැලසුම් ප්‍රමාද කළ යුතු බවත් බීජිං නුවර ජීවත්වන එහෙත් මේ වනවිට වෙනත් අවදානම ඉහළ නගරයක සිටින යමකු නැවත පැමිණීමට අපේක්ෂා කරන්නේ ඔවුන් ද ප්‍රමාද වී පැමිණිය යුතු බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම දන්වා ඇත.
එසේ නමුත් එසේ පැමිණීම අත්‍යවශ්‍ය නම් ඔවුන් පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු විය යුතු අතර එහි ප්‍රතිඵල අනුව ඔවුන්ගේ පැමිණීම තීරණය වන බවත් වයිරසය ආසාදනය වී ඇතිනම් ඔවුන්ට නගරයට පැමිණීමට නොහැකි බවත් එම කොමිසම අවධාරණය කර ඇත.
දුම්රිය මාර්ග, මහාමාර්ග සහ ගුවන් තොටුපොළවල ද වසංගතය පැතිර යෑම වැළැක්වීම සඳහා දැඩි පියවර ගැනීමට චීනය පියවර ගෙන ඇත.
බීජිංහිදීය (රොයිටර්)
2025 නොවැම්බර් මස 04
678
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2344
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1727
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බෙයිජීං ආරක්ෂාව තර කෙරේ