
ඉන්දියාව අද (15) 75 වැනි නිදහස් දිනය සැමරයි. නිදහස් දින ප්‍රධාන සැමරුම් උත්සවය නවදිල්ලියේ රතු බලකොටුව කේන්ද්‍රකොට ගනිමින් අද උදෑසන ආරම්භ විය.
'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් ඉන්දියාව පුරා පැවැත්වීමට සැලැසුම් කර තිබුණු සැමරුම් උත්සව පැවැත්වූයේ නැත. ප්‍රධාන සැමරුම් උත්සවය පැවැත්වූයේ ද සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුවය. වෙනදා මෙන් විචිත්‍රවත් හමුදා සංදර්ශන මෙවර පැවැත්වූයේ ද නැත.
හමුදා උත්තමාචාර මැද රතු බළකොටුවේ පැවැති සැමරුමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහභාගී විය. 'කොවිඩ් 19' ව්‍යසනය හමුවේ කැපවීමෙන් සේවය කරන ඉන්දීය සෞඛ්‍ය අංශ සාමාජිකයන් ඇගැයීමට මෝදි කටයුතු කළේය.
ඉන්දීය ආර්ථිකය ශක්තිමත් කිරීමට, යටිතල පහසුකම් නංවාලීමට නව ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නංවන බව පැවැසීය. ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වී පදක්කම් දිනූ ඉන්දීය ක්‍රීකඩ ක්‍රීඩිකාවන් ද නිදහස් දින සැමරුමට සහභාගී වූ අතර, ඔවුන්ට ප්‍රසංශා කිරීමට අග්‍රාමාත්‍ය මෝදි අමතක නොකළේය.
(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd