IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඉන්දියානුවන්ට ජොන්සන් එන්නත

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගමේ එක් මාත්‍රාවකින් පමණක් සමන්විත කොවිඩ්-19 එන්නතට හදිසි භාවිතය සඳහා අවසර දීමට ඉන්දියාව පියවර ගෙන ඇතැයි එරට කනිෂ්ඨ සෞඛ්‍ය අමාත්‍ය මනුෂ්ක් මන්දවියා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

සිය එන්නතට අවසර ඉල්ලමින් ඉන්දීය බලධාරීන් වෙත අදාළ ලිපි ලේඛන ඉදිරිපත් කළ බව ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම සිකුරාදා සඳහන් කළේය.

ඉන්දියාවේ බයෝලොජිකල් ඊ ලිමිටඩ් සමාගම සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම අතර ගිවිසුමක් අත්සන් කර තිබෙන අතර අදාළ ගිවිසුම යටතේ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් ඉන්දියාවට ගෙන ඒමට නියමිත ය.

භාරත් බයෝටෙක්, ඇස්ට්‍රාසෙනකා, රුසියාවේ ගැමලෙයා ආයතනය සහ මොඩර්නා යන සමාගම් නිෂ්පාදනය කළ ‘කොවිඩ්-19’ මර්දන එන්නත්වලට මේ වනවිට ඉන්දියාවේ අනුමැතිය හිමි වී තිබේ.

මේ සතිය මුලදී ලොවපුරා නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන මිලියන 200 ඉක්මවා ගියේ ය.

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් මේ වනවිට රටවල් රැසක සෞඛ්‍ය පද්ධතිවලට දරුණු බලපෑම් එල්ල වී තිබේ.

සැලකිය යුතු රටවල් සංඛ්‍යාවක එන්නත්කරණ ක්‍රියාවලිය මන්දගාමී තත්ත්වයක පැවැතීම තවත් ගැටලුවකි.

ඉකුත් ජූලි මාසයේ සිට ඉන්දියාවෙන් දිනකට සාමාන්‍යයක් ලෙස 30,000ත් 40,000ත් අතර නව කොරෝනා වයිරස ආසාදිතයෝ පිරිසක් වාර්තා වෙති.

ඉන්දියාව තුළ ඇති වූ නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලේ උච්ඡතම කාලවලදී ඉන්දියාවෙන් ඇතැම් දිනවලදී 400,000 ඉක්මවා නව කොරෝනා වයිරස ආසාදිතයෝ වාර්තා වූහ.

දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ ගණන 400,000 සීමාව සිට සැලකිය යුතු පහළ ගිය ද අවදානම තවමත් පහව ගොස් නැතැයි සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

(රොයිටර්)



අදහස් (0)

ඉන්දියානුවන්ට ජොන්සන් එන්නත

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 678 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2343 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1727 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site