මනුෂ්‍ය වර්ගයාගේ අවසන් අවස්ථාව
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ’කොප්26’ (COP26) සමුළුව ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් නුවරදී ආරම්භ විය.
සමුළුවේ සත්කාරකරු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සමුළුව ආරම්භ කරමින් අවධාරණය කළේ, දේශගුණික විපර්යාස වළක්වා ගැනීමට ඇති හොඳම සහ එකම අවස්ථාව මෙම සමුළුව බවත්, මෙම සමුළුව අසාර්ථක වුවහොත් එය මනුෂ්‍ය වර්ගයාගේ අවසානය තීරණය කරනු ඇති බවත් ය.