ලොව විශාලතම ත්‍රිරෝද රථ නිෂ්පාදකයා වන 'බජාජ් ඔටෝ' නාමය ඉන්දියානුවන්ට පමණක් නොව මුළු ලොවටම හදුන්වා දුන් බජාජ් සමූහ ව්‍යාපාරයේ ආරම්භකයා මෙන්ම එහි හිටපු සභාපතිවරයා ද වූ රාහුල් බජාජ් පූනේ නුවර දී අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 83 ක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය කර්මාන්ත ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයකු ලෙස ද සැලකෙන මොහු බජාජ් සමූහය මෝටර් රථ කර්මාන්තයේ පමණක් නොව රක්ෂණ, ආයෝජන, පාරිභෝගික මූල්‍ය, ගෘහ උපකරණ, විදුලි පහන්, සුළං බලශක්ති, වානේ සහ සංචාරක ක්‍ෂේත්‍ර වෙත පුළුල් කිරීමට සමත් විය.
බජාජ් ස්කූටරය මධ්‍යම පාන්තික ඉන්දීය පවුල්වල අපේක්ෂා සහගත සංකේතයක් වූ අතර, බජාජ් ත්‍රිරෝද රථය ලොව විශාලතම නිෂ්පාදකයා බවට පත්වූයේ වාර්ෂිකව හත්ලක්ෂ අසූ දහසකට වඩා වැඩි ත්‍රිරෝද රථ ගණනක් අලෙවි කරමින් යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා සිහිපත් කරයි.
2005 වසරේදී රාහුල් බජාජ් සිය සමාගම් සමූහයේ කළමනාකාරීත්වය සිය පුත්‍රයා වන රජීව් බජාජ් වෙත පැවරූ අතර, රජිව් දැන් එහි කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් සිටී. රාහුල් බජාජ්ගේ අභාවය පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති රාම්නාත් කෝවින්ද් ද ට්විටර් පණිවුඩ හරහා ශෝකය පළ කර තිබේ.
(එන්.ඩී.ටීවී)
2025 නොවැම්බර් මස 04
583
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රාහුල් බජාජ් මියයයි