
යුදමය ක්‍රියාමාර්ගයකට නොගොස්, බටහිර රටවල් සමඟ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා කර, යුක්රේන අර්බුදය සාමකාමීව විසඳා ගැනීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කැමැත්ත පළ කර තිබේ.
යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පසුගිය දින කීපයේ, රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝෆ්, ඇමෙරිකාව සමඟත් සෙසු යුරෝපා රටවල් සමඟත් සාකච්ඡා පැවැත්වීය.
සාකච්ඡා වූ කරුණු කාරණා සම්බන්ධයෙන්, රුසියන් විදේශ ඇමැතිවරයා, ජනාධිපති පුටින් හමුවී පැහැදිලි කිරීමක් කළේය. රුසියන් ජනාධිපති පුටින් සහ විදේශ ඇමැති ලැව්රෝෆ්ගේ මෙම හමුව රුසියන් ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරුණි.
යුක්රේන අර්බුදය මුල්කොට ගනිමින්, රුසියාවේ ඉල්ලීම්වලට කන් දීමට තමන් සූදානම් යැයි බටහිර රටවල් පවසන බව විදේශ ඇමැති ලැව්රෝෆ් පැහැදිලි කළ අවස්ථාවේදී, රුසියන් ජනාධිපති පුටින් පිළිතුරු දුන්නේ තමන් ද ඊට කැමැති බවය.
රාජ්‍ය තාන්ත්‍රික මටට්මින් අර්බුදය විසඳා ගැනීමට රුසියන් ජනාධිපති පුටින් මෙසේ කැමැත්ත පළ කළේ, රුසියන් සෙබළුන් දස දහස් ගණනක් තුන් පැත්තකින් යුක්රේනය වට කර ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටින මොහොතකය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd