එන්නත් සමානව බෙදෙන්න ඕනෑ
’කොවිඩ් 19’ වයිරසය අවසන් කිරීමට හැකිවන්නේ, ලොව සෑම කෙනකුටම සමානව පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා ලබා දීමෙන් පමණක් බවත්, බූස්ටර් එන්නත් ලබා දීමට පෙර, නියමිත වයස් කාණ්ඩවල සියලු දෙනාට පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා ලබා දීම කළ යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් යළි යළිත් අවධාරණය කරයි.