ඇෆ්ගනිස්තානයේ අයි.එස්.අයි. ත්‍රස්ත සංවිධානයේ නායක සනුල්ලා ගෆාරිගේ හිසට ඇමෙරිකාව ඇමෙරිකන් ඩොලර් මිලියන 10 ක මුදල් ත්‍යාගයක් ලබා දෙන බව පවසා තිබේ.
ත්‍රස්ත නායක සනුල්ලා ගෆාරි සැඟවී සිටින ස්ථානය පිළිබඳ නිවැරදි තොරතුරක් ලබා දෙන කෙනකුට මෙම මුදල් ත්‍යාගය ලබා දෙන බව ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසා තිබේ. සනුල්ලා ගෆාරි ෂහාබ් අල් මුහජීර් යන නමින් ද හැඳින්වෙයි.
ඇෆ්ගනිස්තානයේ අයි.එස්.අයි. ත්‍රස්ත සංවිධානයේ හැඳින්වෙන්නේ ‘අයි.එස්.අයි.එස්. කොරසාන්’ යනුවෙනි. කෙටියෙන් මෙම සංවිධානය හැඳින්වෙන්නේ ‘අයි.එස්.කේ.’ ලෙසය.
පසුගිය 2021 වසරේ අගෝස්තු 26 වැනිදා ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යන අවස්ථාවේදී, කාබුල් ගුවන්තොටුපොළට මිසයිල ප්‍රහාර එල්ල කළේ මෙම ‘අයි.එස්.කේ’ ත්‍රස්ත සංවිධානයයි.
එම ප්‍රහාරයෙන් 100 දෙනකුට වැඩි පිරිසක් තුවාල ලැබූ අතර ඇමෙරිකන් සොල්දාදුවෝ 13 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. එම ප්‍රහාරය සම්බන්ධයෙන්, ඊට සම්බන්ධ වූවන් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබා දෙන කෙනකුට ද මුදල් ත්‍යාග පිරිනමන බව ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අයි.එස්. නායකයාගේ හිසට මිලියන 10 ක්