
ලිංගික හිරිහැරවලට ලක්වුණු ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ හිටපු සේවිකාවක වන බ්‍රිට්නි හිගන්ස්ට සිය කනගාටුව පළ කරමින් ඇයගෙන් සමාව ඇයැද සිටීමට ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් කටයුතු කළේය.
අග්‍රාමාත්‍යවරයා මෙසේ බ්‍රිට්නි හිගන්ස්ගෙන් සමාව ඇයැද සිටියේ පාර්ලිමේන්තුවට එම සිදුවීම ගැන නැවත නැවතත් සිහිපත් කරමිනි. තමන් ලිංගික අඩන්තේට්ටම්වලට ලක්වුණු බව බ්‍රිට්නි හිගන්ස් චෝදනා කළේ මීට මාස කීපයකට පෙරය.
එම චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කමිටුවක් විශේෂ විමර්ශනයක් පැවැත් වූ අතර, එහිදී අනාවරණය වූයේ බ්‍රිට්නි හිගන්ස් පමණක් නොව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයෙන් හරි අඩක් පමණ කුමන හෝ ආකාරයේ ලිංගික හිරිහැරයකට ලක් වී ඇති බවය.
සමාව ඉල්ලමින් අග්‍රාමාත්‍ය මොරිසන් පොරොන්දුවක් වූයේ බ්‍රිට්නි හිගන්ස් මුහුණ දුන් ආකාරයේ අමිහිරි අත්දැකීමක් වෙන කිසිදු කාර්ය මණ්ඩල සාමාජිකාවකට අත්විදින්න ඉඩ නොතබන බවය. බ්‍රිට්නි හිගන්ස් ට සිදුවුණු ලිංගික හිරිහැර සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් ද පැවැත්වෙයි.
(අල් ජසීරා)
2025 නොවැම්බර් මස 04
585
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2277
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඕස්ට්‍රේලියා අගමැති සමාව ඉල්ලයි