
තමාගෙන් පසු චාල්ස් කුමරු කිරුළු පලදින විට, චාල්ස් කුමරුගේ බිරිඳ වන කෝන්වෝල්හි කැමිලා පාකර් ආදිපාදවරිය රැජින යන ගෞරව නාමයෙන් හැදින්විය යුතු යැයි දෙවැනි එලිසබත් මහ රැජින පවසා තිබේ.
95 හැවිරිදි දෙවැනි එලිසබත් මහ රැජින මෙසේ පවසා ඇත්තේ රාජකීයත්වයට පත්වීමෙන් 70 වසරක් සපිරීමේ දියමන්ති ජුබිලිය සැමරීම වෙනුවෙනි. දෙවැනි එලිසබෙත් මහරැජින රාජකීයත්වයට පත්වූයේ 1952 වසරේ පෙබරවාරි 6 වනදා දිනකය.
චාල්ස් - ඩයනා විවාහය දෙදරා යාමට හේතු වූයේ කැමිලා පාකර්ය. ඒ අනුව, ඇය රැජිනක් ලෙස පිළිගැනීමට බ්‍රිතාන්‍ය ජනතාව කැමැති වේවිද නැද්ද යන්න සැක සහිත යැයි රජ පවුල විවේචනය කරන බොහෝ දෙනා පවසා තිබේ.
රජ පවුලේ සාමාජිකයන්ගේ බිරියන් මීට පෙර 'රැජින' යන නාමයෙන් හදුන්වා දී නැතැයි ද බ්‍රිතාන්‍ය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර ඇත.
පුතු චාල්ස් කුමරු බ්‍රිතාන්‍යයේ රජු ලෙස කිරුළු පැළැදි විට, කැමලා 'රැජින' ට තමන්ට ලබා දෙන ආකාරයටම දිගටම සහයෝගය ලබා දෙන්නැයි ද දෙවැනි එලිසබත් මහ රැජින ඉල්ලීමක් කර තිබේ.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම බල තණ්හාවක් තමයි තියෙන්නේ... දැන්වත් රජකම දුන්නේ නැත්තන් එයාට කලින් මෙයා මැරෙනවා...
කවුරු රජ උනත් මේ කාන්තාව රැජිනක් කියලා හිතන්නවත් වැඩි දෙනා කැමති වෙන්නේ නැහැ.ඩයනා කුමරිය ගේ මුළු ජීවිතයම විනාශ කලේ එලිසබත් රැජින මේ සම්බන්ධය කඩන්න කරපු ක්‍රියාව නිසා .චාල්ස් ඔටුනු පළදී කියලා හිතනවද?
චාල්ස්ගෙ පුතානේ රජවෙන්න ඕනෑ හරිනම්...