
ඉන්දුනීසියා විද්‍යාඥයන්, දේශීය වශයෙන් නිපදවූ, ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත, එරට වැසියන්ට ලබා දීම මේ වනවිට ආරම්භ වී ඇත.
‘මෙරාහ් පුටිහ්’ (රතු සහ සුදු) යන නමින් නම් කළ මෙම එන්නත, ඉන්දුනීසියා වැසියන්ට ලබා දීමට සෞඛ්‍ය අංශ තීරණය කර ඇත්තේ, නියමිත සායනික අත්හදා බැලීම් අවසන් කිරීමෙන් පසු, ඉන්දුනීසියානු ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය ඊට හිමිවුණු බැවිනි.
එන්නත ‘මෙරාහ් පුටිහ්’ (රතු සහ සුදු) යන නමින් නම් කර ඇත්තේ ඉන්දුනීසියා ජාතික ධජයේ වර්ණ අනුවය. එන්නත නිපදවීමට මැදිහත් වී ඇත්තේ ඉන්දුනීසියාවේ ‘එයාර්ලන්ගා’ විශ්ව විද්‍යාලය සහ ‘බියෝටිස්’ ඖෂධ සමගමය.
මේ වනවිට ඉන්දුනීසියාව ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘතියෙන් දරුණු ලෙස බැටකමින් සිටී. තෙවැනි අදියරේ අවසන් සායනික අත්හදා බැලීම් අවසන් වූ සැණින් ඉන්දුනීසියා වැසියන්ට එන්නත ලබා දීම සුදුසු යැයි ඉන්දුනීසියා ඖෂධ පාලන අධිකාරිය සෞඛ්‍ය අමත්‍යාංශයට දැනුම් දී ඇත්තේ එහෙයිනි. එන්නත නිපදවා ඇත්තේ ඉන්දුනීසියා රජයේ අනුග්‍රහයෙනි.
දේශීය වශයෙන් නිපදවූ ‘මෙරාහ් පුටිහ්’ (රතු සහ සුදු) එන්නත ද රජයේ එන්නත් වැඩසටහනට එක් කර ගැනෙන බවත්, අසල්වැසි රටවලට බූස්ටර් එසේත් නැතිනම් ප්‍රවර්ධක එන්නතක් ලෙස ද ‘මෙරාහ් පුටිහ්’ එන්නත ප්‍රධානය කිරීමට බලාපොරොත්තු වන බවත් ඉන්දුනීසියානු සෞඛ්‍ය අමාත්‍ය බූදි ගුනාදි සධිකින් ඊයේ (10) මාධ්‍ය හමුවක් කැඳවමින් පැහැදිලි කළේය.
‘එයාර්ලන්ගා’ විශ්ව විද්‍යාලය සහ ‘බියෝටිස්’ ඖෂධ නිෂ්පාදන සමාගම එක් වී, මෙම එන්නත නිපදවීම ආරම්භ කර ඇත්තේ 2020 වසරේදීය. එන්නත අවුරුදු 3 ත් 6 ත් අතර වයසේ දරුවන්ට පවා සුදුසු යැයි නිර්දේශ වී ඇත. ඉන්දුනීසියාව මුස්ලිම් රාජ්‍යයක් වන අතර, එරට උලෙමා සභාවෙන් ද මෙම එන්නතට හලාල් සහතිකය ලැබී ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මේ වනවිට ඉන්දුනීසියා වැසියන්ට ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් වර්ග 13 ක් ලබා දීම සිදුවෙයි. ඒවායින් ප්‍රධාන එන්නත් වන්නේ චීනයේ නිෂ්පාදිත ‘සයිනෝෆාම්’ සහ ‘සිනොවැක්ස්’ එන්නත්ය. ඇමෙරිකාවේ, ඉන්දියාවේ සහ රුසියාවේ නිෂ්පාදිත එන්නත් ද ඉන්දුනීසියා වැසියන්ට ලබා දෙයි. ඉන්දුනීසියාවේ ජනගහනය මිලියන 270 කි.
ඉන්දුනීසියාව පසුගිය ජූලි මාසයේ ‘ඩෙල්ටා’ විකෘතිය හේතුවෙන් දරුණු ලෙස බැට කෑවේය. රට මේ වනවිට ඉන්දුනීයාවෙන් හමුවන ‘කොවිඩ් 19’ රෝගීන්ගෙන් බහුතරය ‘ඔමික්‍රෝන්’ ආසාදිතයන්ය. දිනකට ඉන්දුනීසියාවෙන් වාර්තා වන ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 30,000 කි. ඉන්දුනීසියාවෙන් වාර්තා වන සමස්ත ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන මිලියන 4.5 ක් වන අතර සමස්ත මරණ වාර්තා වන්නේ 1,45,000 ක් වශයෙනි.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
691
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉන්දුනීසියාවත් ‘කොවිඩ්’ එන්නතක් හදලා