ඉන්දියාවේ අද (4) කෝවිඩ් මරණ 1,072 ක් වාර්තා වූ බවත් ඒ සමග එරට සමස්ත කෝවිඩ් මරණ සංඛ්‍යාව 500,000 පසු කළ බවත් මාධ්‍ය වාර්තා පවසයි. ඉන්දියාවේ මේ වනවිට සමස්ත 'කොවිඩ් 19' මරණ ගණන 500,055 කි.

කෙසේ නමුත් විද්වතුන් පෙන්වා දී ඇත්තේ, මෙම මරණ සංඛ්‍යාව නිවැරදි නොවන බවත් සැබෑ මරණ ගණන තවත් ඉහළ අගයක් ගැනීමට ඉඩ ඇති බවත්ය.

”විද්‍යා සඟරාවේ අපේ අධ්‍යනයක් පල වුණා ඒකෙ අපි පෙන්නලා දීලා තියෙනවා දත්ත ගබඩා තුනක් ආධාරයෙන්, 2021 මැද භාගය වන විට ඉන්දියාවේ සිදු වූ මරණ සංඛ්‍යාව ලක්ෂ 30 ත් පසු වෙලා ඉවරයි කියලා” යැයි සහකාර මහාචාර්ය චින්මේ තුම්බෙ පවසා තිබේ.

කෙසේ නමුත්, ඉන්දියා රජය මහාචාර්යවරයාගේ මෙම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම දත්ත ලබා ගැනීමට භාවිතා කළ  දත්ත ගබඩා නිවැරදි නොවන බව රජය පවසයි.

කෙසේ වෙතත් ලෝකයේ වැඩිම කෝවිඩ් මරණ සිදු වූ රටවල් අතරින් ඉන්දියාවට සිවුවැනි ස්ථානය හිමිව ඇත.

(විමුක්ති එස් රුද්‍රිගු - ද ගාර්ඩියන්)