IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ඉන්දියාවේ කොරෝනා මරණ 500,000 පනී

ඉන්දියාවේ අද (4) කෝවිඩ් මරණ 1,072 ක් වාර්තා වූ බවත් ඒ සමග එරට සමස්ත කෝවිඩ් මරණ සංඛ්‍යාව 500,000 පසු කළ බවත් මාධ්‍ය වාර්තා පවසයි. ඉන්දියාවේ මේ වනවිට සමස්ත 'කොවිඩ් 19' මරණ ගණන 500,055 කි.

කෙසේ නමුත් විද්වතුන් පෙන්වා දී ඇත්තේ, මෙම මරණ සංඛ්‍යාව නිවැරදි නොවන බවත් සැබෑ මරණ ගණන තවත් ඉහළ අගයක් ගැනීමට ඉඩ ඇති බවත්ය.

”විද්‍යා සඟරාවේ අපේ අධ්‍යනයක් පල වුණා ඒකෙ අපි පෙන්නලා දීලා තියෙනවා දත්ත ගබඩා තුනක් ආධාරයෙන්, 2021 මැද භාගය වන විට ඉන්දියාවේ සිදු වූ මරණ සංඛ්‍යාව ලක්ෂ 30 ත් පසු වෙලා ඉවරයි කියලා” යැයි සහකාර මහාචාර්ය චින්මේ තුම්බෙ පවසා තිබේ.

කෙසේ නමුත්, ඉන්දියා රජය මහාචාර්යවරයාගේ මෙම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම දත්ත ලබා ගැනීමට භාවිතා කළ  දත්ත ගබඩා නිවැරදි නොවන බව රජය පවසයි.

කෙසේ වෙතත් ලෝකයේ වැඩිම කෝවිඩ් මරණ සිදු වූ රටවල් අතරින් ඉන්දියාවට සිවුවැනි ස්ථානය හිමිව ඇත.

(විමුක්ති එස් රුද්‍රිගු - ද ගාර්ඩියන්)



අදහස් (0)

ඉන්දියාවේ කොරෝනා මරණ 500,000 පනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 585 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2277 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1706 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site