IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ප්‍රංශ ජනපති යුක්රේනයේ

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී යුක්රේන අර්බුදය ගැන සාකච්ඡා කිරීමෙන් පසු, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් යුක්රේනයේ කීව් අගනුවරට ගොස්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙස්නිකී හමුවී සාකච්ඡා පැවැත්වීය.

රුසියාවත් යුක්රේනයත් අතරේ අර්බුදයක් පවතින්නේත්, රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට සූදානම් වෙනවා යැයි ඇමෙරිකාව චෝදනා නගන්නේත්, යුක්රේනය නේටෝ සංවිධානය සමඟ සමීපව කටයුතු කරන බැවිනි. රුසියාව පවසන්නේ, යුක්රේනය නේටෝවට සමීපවීම රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවය.

‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය යනු ඇමෙරිකාව, කැනඩාව, ජර්මනිය, ප්‍රංශය ආදී බටහිර යුරෝපා රටවල් එක් වී, රුසියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමේ අරමුණින් පිහිටුවාගත් සන්ධානයයි.
ප්‍රංශ ජනාධිපති පළමුවෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී, පසුව යුක්රේනයට ගොස් යුක්රේන ජනාධිපති සෙලන්සිකී හමුවූයේ අර්බුදය යුද්ධයකට යෑමට ඉඩ නොතබා සාමකාමීව විසඳා ගැනීමට මැදිහත් වෙමිනි.

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී සාකච්ඡා කිරීමේදී, ජනාධිපති පුටින් ඉදිරිපත් කළ ඇතැම් ඉල්ලීම් සාධාරණ බව තමන්ට පෙනී ගියේ යැයි ප්‍රංශ ජනාධිපතිවරයා මාධ්‍ය හමුවේ පවසා ඇත. යුක්රේනයට එරෙහිව තමන් යුදමය ක්‍රියාමාර්ගයකට නොයන බවට පුටින් තමන්ට සහතික වූ බව ද ප්‍රංශ ජනපති මැක්රොන් මාධ්‍ය හමුවේ වැඩි දුරටත් කියා සිටියේය.

(රොයිටර්)



අදහස් (0)

ප්‍රංශ ජනපති යුක්රේනයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 585 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2277 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1706 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site