භාරත කෝකිලාවිය ලතා මංගේෂ්කාර්ගේ අභාවය සැලවුණු අවස්ථාවේදී, පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ද සිය ටිව්ටිර් ගිණුම ඔස්සේ සොව පළ කර තිබේ.
92 හැවිරිදි ගී රැජිනගේ අභාවය සිදුවන අවස්ථාවේදී පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිල සංචාරයක් ආරම්භ කරමින් චීනයේ බෙයිජීං අගනුවරට ගොස් සිටියේය.
‘ලතා මංගේෂ්කාර්, භාරත ගීත කෝකිලාව නොව ආසියානු උප මහද්වීපයේම ගීත කෝකිලාවිය බවත්, ඇගේ අභාවය සංගීත ලෝකයේ අඳුරු දිනයක් බවත් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ට්විටර් ගිණුමේ සඳහන් වී තිබේ.
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් චීනයේ බෙයිජීං අගනුවර බලා ගියේ ශීත ඔලිම්පික් උළෙල සමාරම්භක අවස්ථාවට සහභාගී වීමටය.
එහිදී පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ චීන ජනාධිපති ෂී ජින් පින් අතර විශේෂ හමුවක් පැවැත්වුණු අතර, පාකිස්තානයට තවත් ණය ලබා දීම මෙන්ම පාකිස්තානයේ චීනය ආරම්භ කර තිබෙන සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි.
පාකිස්තානයේ චීන ව්‍යාපෘතිවලට සම්බන්ධ චීන ජාතිකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වන ප්‍රහාර සම්බන්ධයෙන් ද චීන ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය.
පාකිස්තානයේ ස්වෛරීත්වය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් ද චීනයේ සහාය සැමවිටම හිමිවන බව චීන ජනාධිපති ෂී ජින්පින් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාට සහතිකයක් ද ලබා දුන්නේය.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ඉම්රාන් ලතා මංගේෂ්කාර් ගැන දුක්වෙයි