
ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීමේ වරදට, උගන්ඩාව ඇමෙරිකන් ඩොලර් මිලියන 325 ක් මුදලක් කොංගෝ රාජ්‍යයට වන්දි වශයෙන් ගෙවිය යුතු යැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය නියෝග කළේය.
1998 සිට 2003 තෙක් කාලයේ උගන්ඩා හමුදාව සිවිල් ගැටුම් පාලනය කිරීමට, කොංගෝවේ ‘ඉටුරි‘ පළාතේ රැඳී සිටියදී, 10,000 ත් 15,0000ත් අතර පිරිසක් ඝාතනය කළ බවටත්, කොංගෝවේ දැව, දියමන්ති සහ රත්තරන් කොල්ල කෑ බවටත් චෝදනා එල්ල වී තිබේ.
කොංගෝ රජය එල්ල කරන එම චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවේ නඩු විභාගයක් පැවැත්වෙයි. වන්දි වශයෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 325 ක මුදලක් කොංගෝ රාජ්‍යයට ලබා දිය යුතු යැයි අධිකරණය තීන්දු කළේ එම චෝදනා සම්බන්ධයෙනි.
මෙම වන්දි මුදල මෙම 2022 වසරේ සිට 2026 වසර තෙක් කාලයේ වාරික වශයෙන් ගෙවීම සිදුවනු ඇත. පළමු වාරිකය මෙම 2022 සැප්තැම්බරයේ ගෙවීමට නියමිතය. එම මුදලින් ඇමෙරිකන් ඩොලර් මිලියන 325 ක මුදලින් මිලියන 225 ක් පුද්ගල හානි සඳහාත්, මිලියන 40 ක් දේපොළ හානි සඳහාත්, මිලියන 60 ක් සම්පත් කොල්ල කෑම සඳහාත් ගෙවීම සිදුවනු ඇතැයි පැවැසෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ එක්කෙනා යවපු ඩොලර් වලින් වන්දිය ගෙවයිද දන්නේ නෑ.අපේ එක්කෙනාට වෙන්නෙම ඒ වගේ දේවල් නේ දැන්