
ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීමේ වරදට, උගන්ඩාව ඇමෙරිකන් ඩොලර් මිලියන 325 ක් මුදලක් කොංගෝ රාජ්‍යයට වන්දි වශයෙන් ගෙවිය යුතු යැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය නියෝග කළේය.
1998 සිට 2003 තෙක් කාලයේ උගන්ඩා හමුදාව සිවිල් ගැටුම් පාලනය කිරීමට, කොංගෝවේ ‘ඉටුරි‘ පළාතේ රැඳී සිටියදී, 10,000 ත් 15,0000ත් අතර පිරිසක් ඝාතනය කළ බවටත්, කොංගෝවේ දැව, දියමන්ති සහ රත්තරන් කොල්ල කෑ බවටත් චෝදනා එල්ල වී තිබේ.
කොංගෝ රජය එල්ල කරන එම චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවේ නඩු විභාගයක් පැවැත්වෙයි. වන්දි වශයෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 325 ක මුදලක් කොංගෝ රාජ්‍යයට ලබා දිය යුතු යැයි අධිකරණය තීන්දු කළේ එම චෝදනා සම්බන්ධයෙනි.
මෙම වන්දි මුදල මෙම 2022 වසරේ සිට 2026 වසර තෙක් කාලයේ වාරික වශයෙන් ගෙවීම සිදුවනු ඇත. පළමු වාරිකය මෙම 2022 සැප්තැම්බරයේ ගෙවීමට නියමිතය. එම මුදලින් ඇමෙරිකන් ඩොලර් මිලියන 325 ක මුදලින් මිලියන 225 ක් පුද්ගල හානි සඳහාත්, මිලියන 40 ක් දේපොළ හානි සඳහාත්, මිලියන 60 ක් සම්පත් කොල්ල කෑම සඳහාත් ගෙවීම සිදුවනු ඇතැයි පැවැසෙයි.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
708
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොංගෝවට මිලියන 325 ක වන්දි
akalanka Thursday, 10 February 2022 11:28 AM
අපේ එක්කෙනා යවපු ඩොලර් වලින් වන්දිය ගෙවයිද දන්නේ නෑ.අපේ එක්කෙනාට වෙන්නෙම ඒ වගේ දේවල් නේ දැන්