
මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්, ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ යෑමත් සමඟ, එවරස්ට් ශිඛරයේ ඉහළින් පිහිටි වසර 2,200 ක් පැරැණි ග්ලැසියර් අයිස් තට්ටුවක් ඉතා වේගයෙන් දියවීමට පටන්ගෙන ඇති බවත්, මෙම සියවස අවසාන වීමට පෙර එම ග්ලැසියර් තට්ටුව මුළුමනින්ම දියවී අතුරුදන් වනු ඇති බවත් විද්‍යාඥයෝ අනතුරු අඟවති.
දියවී යෑම වේගවත් වී ඇත්තේ එවසර්ට් ශිඛරයේ ‘සවුත් කෝල්’ නමැති ග්ලැසියරයයි. මෙම ග්ලැසියරය දියවී යෑම ආරම්භ වී ඇත්තේ 1990 දශකයේ සිටය.
කෙසේ නමුත් විද්‍යාඥයන් අනතුරු අඟවා ඇත්තේ මේ වනවිට ග්ලැසියරය වෙනදාටත් වඩා වේගයෙන් දියවී යමින් පවතින බවය. ග්ලැසියරය දියවී යෑම සහ එයින් එල්ල වන බලපෑම් සම්බන්ධයෙන් ලොවට අනතුරු අඟවා ඇත්තේ කඳු සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ විද්‍යාඥයන්ය.
ලොව උසින් වැඩිම කන්ද ලෙස සැලකෙන එවසර්ට්, හිමාල කඳු පංතියට අයත්ය. ලොව උසින් වැඩිම ශිඛර ගණනාවක් හිමාල කඳු පංතියට අයත්ය. ‘සවුත් කෝල්’ ග්ලැසියර් තට්ටුව දියවීම හේතුවෙන් මේ වන එවරස්ට් ශිඛරයේ උස අඩු වී ඇති බව ද විද්‍යාඥයෝ පෙන්වා දෙති. එවසර්ට් ශිඛරයේ උස මීටර් 8,842 ක් ලෙස පැවැතුණු නමුත් දැන් එය අඩු වී යමින් ඇතැයි විද්‍යාඥයෝ පැහැදිලි කරති.
එවරස්ට් ශිඛරය ඇත්තේ නේපාල චීන දේශසීමාවේය. නේපාලය එවරස්ට් ශිඛරය හඳුන්වන්නේ ‘සාගර්මාතා’ යනුවෙනි. ඒ ආසියානු මහද්වීපයේ රටවල් රැසක් හරහා ගලා බසින මහා ගංගා ආරම්භය සිදුවන්නේ එවසර්ට් ශිඛරය ඇයත් හිමාල අඩවියෙන් වීම නිසාය.
ග්ලැසියර් තට්ටු දියවීමත් සමඟ මෙම ගංගා සිඳී යනු ඇති බවත්, එය ආසියානු මහද්වීපයේ මිලියන ගණනකට දරුණු ඵලවිපාකවලට මුහුණ දෙනු ඇති බවත් විද්‍යාඥයෝ වැඩි දුරටත් කියා සිටිති. චීනය ‘එවරස්ට්’ ශිඛරය හඳුන්වන්නේ ‘කොමොලංමා’ යන නමිනි. ‘කොමොලංමා’ යනු ටිබෙට් බසින් එවසර්ට් ශිඛරය හඳුන්වන නාමයයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
585
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2277
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
එවරස්ට් කන්දේ ග්ලැසියර් දියවෙනවා