
ඇමෙරිකාවේ ‘ස්පේස් එක්ස්’ සමාගම පෘථිවි කක්ෂයේ ස්ථානගත කළ සන්නිවේදන චන්ද්‍රිකා පද්ධතිය ‘සූර්ය කුණාටවක’ බලපෑමට ලක් වී ඇති බවත්, එම චන්ද්‍රිකා පද්ධතියට අයත් චන්ද්‍රිකා 40 ක් පමණ පාලනයෙන් ගිලිහී ගොස් ඇති බවත් වාර්තා වේ.
මේ බව තහවුරු කර ඇත්තේ ඇමෙරිකාවේ නාසා ආයතනයයි. ‘ස්පේස් එක්ස්’ යනු ඇමෙරිකා බිලියනපති ව්‍යාපාරික එලොස් මස්ක්ගේ අභ්‍යවකාශ මෙහෙයුම් සිදු කරන සමාගමය. ‘ස්පේස් එක්ස්’ අභ්‍යවකාශ මෙහෙයුම් සිදු කරන්නේ නාසා ආයතනය සමඟ ඇති කරගත් කොන්ත්‍රාත්තුවකට අනුවය. 2024 වසරේ නාසා ආයතනය යළි සඳට යනු ඇත්තේත් 2035 වසරෙන් පසු අඟහරු යනු ඇත්තේත් ‘ස්පේස් එක්ස්’ සමාගම සමඟ හවුලේය.
සූර්ය කුණාටුවෙන් තම චන්ද්‍රිකා 40 ක් හෝ 49 ක් අක්‍රිය වී පාලනයෙන් ගිලිහී ගොස් ඇතැයි ‘ස්පේස් එක්ස්’ සමාගම නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. ‘සූර්ය කුණාටු’ යනුවෙන් හැඳින්වෙන්නේ සූර්යයාගේ සිට විහිදෙන විකිරණ සහ චුම්බක තරංගය. අක්‍රිය වුණු චන්ද්‍රිකා යළි පෘථිවි වායුගෝලයට ඇතුළු වී ගිනිගෙන බහළට වැටීමට ඉඩ ඇති බව ද පැවැසෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
585
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2277
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සූර්ය කුණාටුවෙන් චන්ද්‍රිකා අඩපණ වෙලා